සජබෙන් ප්‍රචාරක රැස්වීම් 5000 ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය මුල් කොට සමගි ජන බලවේගය විසින් විවිධ මට්ටම් වල මැතිවරණ රැස්වීම් පන්දහසක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර මැතිවරණයට අදාළව තම පක්ෂයෙන් නාමයෝජනා ද සාර්ථක ලෙස ඉදිරිපත් කරන ලද බවයි.මේ වන විට පක්ෂය විසින් දියත් කොට ඇති ප්‍රචාරක සැළසුම් අනුව රට ගොඩ නඟන ඉදිරි වැඩ සටහන ජනතාව හමුවේ පැහැදිලිව ඉදිරිපත් කිරීම මත සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නිසැක ලෙසම විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නා බව ද හෙතෙම කීය.

කාලීන පුවත්