සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති හා එක් වන ළකුණු

සමගි ජනබලවේගයේ මන්ත්‍රීන් පිරිසක් ඉතා නුදුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත බව වාර්තා වෙයි.ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ මුළුමනින් බිඳ වැටුණු ශ්‍රී ලාංකේය ආර්ථිකය, දේශපාලන ස්ථාවරත්වය සේම නීතිය හා සාමය ඉතා කෙටි කලක් තුළ ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ මහතා දැක්වූ සුවිශේෂ දක්ෂතාව සමගි ජනබලවේග සේම පොදු පෙරමුණු මන්ත්‍රීන් පිරිසකගේ ද අගැයුමට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම පුවත සම්බන්ධයෙන් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසා ඇත්තේ තම හිටපු නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව වැඩ කිරීමේ කිසිදු අපහසුවක් නොමැති බවකි.මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වන්නේ ද යන පැනයට පිළිතුරු දුන් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යළි එජාපයට සම්බන්ධ වන්නේ නම් නියත ලෙසම ඔහුට තම තනතුර ප්‍රදානය කරන බවකි.

කාලීන පුවත්