සජිත්ට ජීවිත තර්ජනයක්?

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව තර කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර තිබේ.ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් අයිඑස් ත්‍රස්තයන් පිරිසක් වෙතින් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.ඒ අනුව විපක්ෂ නායක වරයාට විශේෂ ආරක්ෂාවක් සැපයීම කටයුතු සම්බන්ධයෙන් කතා නායක වරයා පොලිස් පති වරයාට උපදෙස් දී තිබේ.

කාලීන පුවත්