විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ පිළිගන්වන ලද සේයාරුවේ සිටින එක් ඇසක පෙනීම අහිමි වූ දිවි දෙනක පිළිබඳ මේ වන විට ලොව පුරා සත්ව ලෝලීන් ගේ සහ පරිසරවේදීන් ගේ අවධානය යොමුව ඇත. මේ දිවි දෙන පිළිබඳව බීබීසී දෙමළ සේවය ද පුවතක් පළ කර ඇත.විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිලධාරි පුබුදු සුරංග රත්නායක බීබීසී දෙමළ සේවය සමග මෙම දිවි දෙන පිළිබඳව කතා කර ඇත.
“දිවියෙකුට ඇස් දෙකම පෙනෙන්නට තිබිය යුතුයි. ආහාර ලබා ගැනීමට ඇස් නිසි ලෙස දෘශ්‍යමාන විය යුතුයි. කෙසේ වෙතත් මෙම දිවියාගේ එක් ඇසක් අන්ධයි.ඒ වගේම අවුරුද්දකින් ඒ දිවියා ගැන අපිට කිසිම වාර්තාවක් ලැබිලා නැහැ….මේ දිවියාගේ ඇසක් අන්ධ වීම අහම්බයක් නෙවෙයි. එය ඕනෑම සතෙකුට සිදුවිය හැකියි. මිනිසුන්ට සිදුවිය හැකි ආකාරයටම සතුන්ට ද එසේ සිදුවිය හැකියි. මෙම අන්ධ භාවය හදිසි අනතුරකින් ඇති වූවක් යැයි සිතිය නොහැකියි” යැයි ඔහු පවසා තිබේ.විල්පත්තු ජාතික අභයභූමියේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එහි දිවියන් 350 ක් පමණ ජීවත් වන බවකි.ඒ අතර මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීන් අතර සොබා දහම හා පරිසරය පිළිබඳ සැබෑ සංවේදීතාවක් දක්වන දේශපාලනඥයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකට වී තිබේ.
.