සජීවී සංවාද වලට ඉදිරිපත් නොවන අපේක්ෂකයන් වේදිකා මත බොරු පොරොන්දු දෙනවා

රූපවාහිනී සජීවී සංවාදයකට සහභාගි නොවූ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ජන රැළිවලට එක්වීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සර්ව ජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි. සෘජු සංවාද මගහරිමින් ඔවුන් ජන රැළිවලට එක්වන්නේ වේදිකා මතට වී බොරු පොරොන්දු ලබාදෙමින් ජනතාව රැවටීමට හැකි නිසා බව ඒ මහතා පවසයි.එමෙන්ම වරදාන වරප්‍රසාද ලබාගැනීමට කිසිවෙකු තමා සමග එක්ව නැති බව ඒ මහතා පෙන්වා දෙයි.දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළකළේ කුරුණෑගල පැවති ජන රැළියට එක්වෙමිනි

කාලීන පුවත්