සතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධාන බොහොමයකි. කරුණාව පෙරදැරිව සැබැවින් ම සතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙන්ම ඩොලර් ඉපැයීම ම පරමාර්ථය කර ගත් සංවිධාන ද ඒ අතර බොහොමයකි. දැන් අප කතා කිරීමට පසුබිම සකසන ‘සත්ත්ව සුබසාධන භාරය’ සභාපතිනී අයිරාංගනී ද සිල්වා ජීවිතයෙන් වැඩි කාලයක් කැප කර ඇත්තේ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙනි. ඒ මුදල් ඉපැයීමේ අරමුණෙන් නොව, අසරණ සතුන්ට වන හිංසා, පීඩා අවම කිරීමේ පරමාර්ථයෙනි. සතුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සිදු කළ මහඟු සේවයට ඇගයීමක් වශයෙන් ඇය සම්මානයට පාත්‍ර වී ඇති අවස්ථා ද කිහිපයකි. එහෙත් මේ වනවිට සතුන් සමග හයිරන් ඇල්ලීමට අයිරාංගනී ට නොහැකිය. ඇය දැන් වියපත් ය. වයස අවුරුදු අසූවකි. එහෙත් ඇයගේ මතකය තවමත් තරුණය. අසරණ සතුන් වෙනුවෙන් සිදු කළ සේවය සිහිපත් කිරීම ද ඇයට සතුටක් බව හිනැහෙන දෑස්වලින් පෙනේ.
“2004 අවුරුද්දේ දවසක කටුනායක ගුවන් තොටුපළේ ඉඳලා පාන්දර එනකොට ජාඇළ කිට්ටුව පාර පුරා හරක් දුවනවා. අනෝරා වැස්සේ, මුළු පාර ම බ්ලොක්. හරක් බලන්නා දිග කෙවිටකින් ඒ සතුන්ට තලනවා. ගුවන් තොටුපළේ ඉඳල පැමිණෙන විදේශිකයෝ කුඩ ඉහළගෙන ඒ දර්ශන ෆොටෝ ගන්නවා. ඒ ගැන මට හරියට ලැජ්ජා හිතුණා. හිමිදිරි පාන්දර ම ජාඇළ පොලිසියට ගිහින්, හරක් ටිකට වෙන හිංසාව පැහැදිලි කරලා ඒ සතුන්ව අත්අඩංගුවට ගන්න කියලා පැමිණිලි කළා. එසැණින් පොලිසියත් ක්‍රියාත්මක වෙලා ඒ සතුන්ව සහ හරක් බලන්නාවත් අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ හිටපු පොලිස් ස්ථානාධිපති මට කියනවා ‘මේ සතුන්ව අත්අඩංගුවට ගත්තට වැඩක් නෑ. රුපියල් 100ක් දඩ ගහලා නිදහස් කරනවා. ඒ නීතිය ප්‍රමාණවත් නෑ…’ කියලා. ඒ වචන ටිකත් මගේ හිතට තදින් කාවැදුණා. 1907 අවුරුද්දෙ සුද්දන්ගේ කාලේ සත්ත්ව හිංසාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා තිබුණු නීති සහ දඩය තමයි ඒ දක්වා ක්‍රියාත්මක වෙමින් තිබුණේ. 1907 වර්ෂයේ රුපියල් 100ක් කියන්නෙ ලොකු මුදලක්. ඒ මුදල 2004ට වලංගු නෑ. ඒ වෙනකම් සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් මට තිබුණේ නෑ. ඒත් එදා ඉඳලා මම ඒ ගැන අධ්‍යයනය කළා. සත්ත්ව හිංසාව සම්බන්ධයෙන් තියෙන සියලු පනත් ගැන අධ්‍යයනය කළා. අනතුරුව එවකට සිටි නීතිපතිතුමා හමුවෙලා සත්ත්ව හිංසාව සම්බන්ධයෙන් තියෙන රුපියල් 100 දඩය කාලෝචිත නොවන බව පැහැදිලි කළා. මම ඉදිරිපත් කරපු කරුණු කාරණා එතුමා හොඳින් අවබෝධ කරගෙන කඩිනමින් එම නීතිය වෙනස් කිරීමට කටයුතු කරන බව දැනුම් දුන්නා. ඒ නීතිපතිවරයාත් මනුස්සකම පිරිලා ඉතිරුණු කෙනෙක්. එම නීතිය වෙනස් කරන්න ලොකු වෙහෙසක් දැරුවා. ඒ සිද්ධියෙන් පස්සෙ මගේ එකම කර්යභාරය වුණේ සතුන්ට වෙන හිංසා, පීඩා සොයා බලා නීති මාර්ගයෙන් කටයුතු කිරීම. ඒ කටයුතු පහසු කරගන්න තමයි 2005 වර්ෂයේ දී ‘සත්ත්ව සුබසාධන භාරය’ සංවිධානය ආරම්භ කළේ…” ඇය දිගු සුසුමක් පිටකර මොහොතකට කතාව නතර කළා ය.
එක දවසක් පාන්දරක නිර්නාමික දුරකථන ඇමතුක් දීලා මතුගම ප්‍රදේශයේ හොර හරක් ප්‍රවාහනය කරන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නා. ඒ මොහොතේ ම අපි ක්‍රියාත්මක වෙලා පොලිසියත් එක්ක ගිහින් හරක් පටවගෙන යන ලොරිය අත්අඩංගුවට ගත්තා. ලොරියේ ඉන්න හරක් ටික බාන්න කිව්ව ම ඒ මිනිස්සු පයින් සතුන්ව තල්ලු කළා. සමහර හරක් බිමට වැටිලා කොඳු කැඩිලා. කකුල් කැඩිලා. බරපතළ සත්ත්ව හිංසාවක් වෙලා තිබුණා. අන්තිමේ අපේ සංවිධානයේ සාමාජිකාවක් රුපියල් ලක්‍ෂ පහක් ගෙවලා ඒ හරක් සේරම උසාවියෙන් නිදහස් කර ගත්තා. ඒ සතුන්ට වෙදකම් කරන්න වුණෙත් අපිටමයි. ඒත් ලොරියෙන් තල්ලු කරපු සමහර හරක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණා.
කොළඹ – මීගමුව මහමඟ හරක්ට සිදු වූ හිංසාව දැක සත්ත්ව සුබසාධනය ජීවිතයේ කොටසක් බවට පත් කරගත් අයිරාංගනී ද සිල්වා, මෙරට විවිධ ප්‍රදේශවලින් මරන්න ගෙන යන හරක් විශාල ප්‍රමාණයක් නිදහස් කරගෙන අභය දානය දීමට තරම් පින්වන්ත වී සිටින්නීය. සත්ත්ව හිංසාව ඉදිරියේ රැයක්, දහවලක් නොමැති ඇය තොරතුරක් ලැබුණු ඇසිල්ලට අදාළ ස්ථානයට ගමන් කිරීමට පමා නොවුණු බව ද සැබෑය. ඒ යනෙන මඟ සහ සතුන් නිදහස් කරගැනීමේදී අනේකවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වූ අවස්ථා ද අනන්තය. ඒ කිසිවකට නොබියව මුහුණ දුන් ඇය හිංසාවට පත් සතුන් නීති මාර්ගයෙන් මරණයෙන් ගලවාගැනීමට කටයුතු කළා ය. එහෙත් සමාජ මාධ්‍ය සක්‍රිය නොමැති එකල ඇයගේ සත්ත්ව සුබසාධන භාරය සංවිධානයෙන් සිදු කළ සේවය ගැන සමාජය නොදැනුවත් තරම් ය. සතෙකුගේ ජීවිතයක් බේරාගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තරම් ඇය පහත් මානසිකත්වයකින් නොපෙළෙන බව ද ඇයගේ කතාවෙන් පැහැදිලිය. නැවත ඇය කතාවට එකතු විය.
“එක දවසක් පාන්දරක නිර්නාමික දුරකථන ඇමතුක් දීලා මතුගම ප්‍රදේශයේ හොර හරක් ප්‍රවාහනය කරන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නා. ඒ මොහොතේ ම අපි ක්‍රියාත්මක වෙලා පොලිසියත් එක්ක ගිහින් හරක් පටවගෙන යන ලොරිය අත්අඩංගුවට ගත්තා. ලොරියේ ඉන්න හරක් ටික බාන්න කිව්ව ම ඒ මිනිස්සු පයින් සතුන්ව තල්ලු කළා. සමහර හරක් බිමට වැටිලා කොඳු කැඩිලා. කකුල් කැඩිලා. බරපතළ සත්ත්ව හිංසාවක් වෙලා තිබුණා. අන්තිමේ අපේ සංවිධානයේ සාමාජිකාවක් රුපියල් ලක්‍ෂ පහක් ගෙවලා ඒ හරක් සේරම උසාවියෙන් නිදහස් කර ගත්තා. ඒ සතුන්ට වෙදකම් කරන්න වුණෙත් අපිටමයි. ඒත් ලොරියෙන් තල්ලු කරපු සමහර හරක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ සිද්ධිය මතක් වෙන කොටත් දුකයි. ඒ වගේ ම සමහර මිනිස්සු කිලෝ මීටර් 50, 60 පයින් හරක් මරන්න දක්කනවා. අපිට තොරතුරු ලැබිලා අත්අඩංගුවට ගන්න හදනකොට ‘තණකොළ කවන්න කැලෑවට ගේනවා…’ බොරු කියලා දිනන අවස්ථාත් තියෙනවා. එහෙම මරණයෙන් නිදහස් කර ගන්න හරක්ව ගාල් කරන්න මහඔය ප්‍රදේශයේ රජයේ ඉඩමකුත් අපිට පරිත්‍යාග කළා. අදටත් ඒ ස්ථානය ක්‍රියාත්මකයි. ඒත් නිසියාකාරව වැඩ වෙනවද කියලා සැකයක් තියෙනවා. හරක් විතරක් නෙමෙයි අලි පිටරට පටවන එක නතර කළෙත් අපි මැදිහත් වෙලා. ඒ සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක ගෙනැත් පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් අලි පිටරට පැටෙව්ව කතා කිව්වා. ඒ තර්කවලට අපි ඉදිරිපත් කරපු කරුණු බිඳින්න බැරි වුණා. මහ කැලේ අලි අල්ලන එක නතර කළෙත් අපි. මහ රෑ කීයට තොරතුර ලැබුණත් ලංකාවේ කෙළවරක වනාන්තරයකට ගිහින් හරි විවිධ පුද්ගලයන් අල්ලගෙන සිටි අලි පැටව් නිදහස් කරගන්න අපි කටයුතු කළා. ඒ විදිහට විවිධ තරාතිරම්වල පුද්ගලයන් ලංකාව වටේ ම වන්නාතරවලින් අල්ලා ගත් අලි පැටව් තිස් ගාණක් විතර නිදහස් කරගැනීමට නීති මාර්ගයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේ ම නීති මාර්ගයෙන් කටයුතු කරලා රඳවා තබාගැනීමේ බලපත්‍ර නැති අලිත් කිහිපදෙනෙක් බේරාගෙන තියෙනවා. අලි සම්බන්ධයෙන් පෙනී ඉන්නකොට පැමිණි බාධක නම් එමටයි. ඒ කාලේ කැලේ අලි අල්ලපු හුඟ දෙනෙක් අදටත් මාත් එක්ක අමනාපයි. අලි ගනුදෙනුවලට ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් දෙස් දෙවොල් දුන්නු අවස්ථා තියෙනවා. මම එවට සැලුනේ නෑ. මගේ රාජකාරිය කළා…”
මේ රටේ බහුතරකයට වනඅලින්ගේ අගය දැනෙන්නෙ නෑ. වනඅලි නැරඹීම ප්‍රධාන අරමුණ කරගෙන විශාල සංචාරකයන් පිරිසක් වර්ෂයකට ලංකාවට එනවා. වනාන්තරවල ඉන්න අලි ගහනය තව වැඩි කරගන්න පුළුවන් නම් මේ රටේ සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වෙනවා. අපේ රට ලෝකයේ තවත් ජනප්‍රිය වෙනවා. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තවම අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා නෑ. ඒ වගේ ම දඩාවතේ යන බල්ලන් වෙනුවෙන් කතා කරන්න ගිහින් ලොකු, ලොකු අයත් එක්කත් හැප්පෙන්න වුණා. එක දවසක් මට්ටක්කුලියේ බැල්ලියන්ව වන්ධ්‍යකරණය කරන වැඩසටහනකට සහභාගි වෙලා ගුටි නොකා බේරුණේ අනූනවයෙන්. එදා නම් අම්මා, අප්පගෙ කෑලි යන්න බැණුම් ඇහුවා.
“පින්නවල අලි අනාථාගාරයෙන් සින්දුයි, රාජුවයි දළදා මාලිගාවේ ඇත් ගාලට අරගෙන යනවට විරුද්ධ වුණේ අපේ සංවිධානය විතරයි. අම්මගෙන් කිරි උරමින් ඉන්නකොට තමයි ඒ පැටව් දෙන්නව අරගෙන ගිහින් තිබුණේ. ඒ කතාව හරි ම සංවේදීයි. දේශපාලන බලය උපරිමයෙන් පාවිච්චි වෙච්ච සිද්ධියක්. ඒ කාලේ එම නඩුවට නීතිඥයෙක් සොයාගන්න මට ගොඩක් මහන්සි වෙන්න වුණා. ඒ වගේ ම අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව මේ රටේ පන්සල්, නිවාසවල අභිමානයට ඇති කරන අලින්ගේ ගැහැනු සතුන්ට පැටවු හම්බ වෙලා නෑ. එහෙම වෙලා තියෙන්නෙ සංසර්ගයේ යෙදෙන කාලයට පිරිමි සතාව සම්බන්ධ නොකිරීම නිසයි. එම ක්‍රියාව සත්ත්ව අයිතීන්ට සම්පූර්ණයෙන්ම පටහැනියි. නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගෙ නිසා ඒ ගැටලුවට තවම විසඳුමක් ලබාදෙන්න බැරි වුණා. ලංකාව වගෙ පුංචි දූපතක විශාල අලි ගහනයක් ඉන්නව කියන එක අශ්චර්යයක්. ඒත් මේ රටේ බහුතරකයට වනඅලින්ගේ අගය දැනෙන්නෙ නෑ. වනඅලි නැරඹීම ප්‍රධාන අරමුණ කරගෙන විශාල සංචාරකයන් පිරිසක් වර්ෂයකට ලංකාවට එනවා. වනාන්තරවල ඉන්න අලි ගහනය තව වැඩි කරගන්න පුළුවන් නම් මේ රටේ සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වෙනවා. අපේ රට ලෝකයේ තවත් ජනප්‍රිය වෙනවා. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තවම අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය යොමු වෙලා නෑ. ඒ වගේ ම දඩාවතේ යන බල්ලන් වෙනුවෙන් කතා කරන්න ගිහින් ලොකු, ලොකු අයත් එක්කත් හැප්පෙන්න වුණා. එක දවසක් මට්ටක්කුලියේ බැල්ලියන්ව වන්ධ්‍යකරණය කරන වැඩසටහනකට සහභාගි වෙලා ගුටි නොකා බේරුණේ අනූනවයෙන්. එදා නම් අම්මා, අප්පගෙ කෑලි යන්න බැණුම් ඇහුවා. එම වැඩසටහනේ වැරැද්ද කළේ කොළඹ නගර සභාවේ පශු වෛiවරයෙක්. බැනුම් ඇහුවේ අපි. නූගත් මිනිස්සු විතරක් නෙමෙයි සමහර බුද්ධිමතුන් කියන අයත් ආඩපාළි කියනවා. බේරාගන්න සතුන්ගෙ පින්තූර පිටරටවලට යැව්ව ම ඩොලර් එනවා කියනවා. මේක සූදුවක්, හොරකමක් කියලා කියනවා. ඒ වගේ කුණු කතා කනට ඇහෙනකොට දුක හිතෙනවා. විවිධාකාරයෙන් වධ හිංසාවට පත් වෙච්ච සතුන් බේරගන්න විඳපු දුක දන්නෙ අපි විතරයි. සමහර සිද්ධිවල දී සිතට නැඟුණු මානසික පීඩනය දරාගන්න බැරි අවස්ථා තිබුණා. සතුන් වෙනුවෙන් වියදම් කළේ අපේ මුදල්. ඒ වියදම් කරපු මුදල් කන්දරාවෙන් අපිට තිබුණා බිල්ඩිං ගහන්න. අසරණ සතුන් ලෝකයට පෙන්නලා මුදල් හම්බ කරන තරමට අපි අයට වැටිලා නෑ. සතුන් වෙනුවෙන් අපි කරපු සද්කාරය විනිවිදයි. ඒ ගැන දන්න අය බොහෝයි. නොදන්න අයට දැනගන්න කිව්වේ…”
මේ වනවිටත් ගෝලීය උණුසුම ඉහළ ගොස් දේශගුණික විපර්යාස ඇතිවීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. මේ මොහොත වනවිටත් දේශගුණික විපර්යාස හේතුවෙන් මුළු මහත් ලෝකවාසින් ම විවිධාකාරයෙන් පීඩා විඳිමින් සිටින බව රහසක් නොවේ. ඍතු උඩු යටිකුරු වී අපේ රටේ ද පායන කාලයට වැසි කඩා හැළී, වැස්ස කාලයට ගිනි පත්තු වන තරමට පායන අයුරු කාලයක සිට අත්දකින යථාර්ථයයි. දැඩි හිරු රශ්මියෙන් දැවෙන මේ දිනවල එම යථාර්ථය හොඳින් ම අද්විඳීමට ලැබේ. ඒ වනාන්තර විනාශයේ කටුක ප්‍රතිඵලයකි.
“අවුරුදු ගාණක් සත්තු එක්ක වැඩ කළා කිසිම දවසක සතුන්ගෙන් හිරිහැරයක් වෙලා නෑ. නිතර ම කරදර ආවේ කකුල් දෙකේ සතුන්ගෙන්. තිරිසන් සතා ජීවත් වෙන්නෙ මතකයන් එක්ක. උන්ට හොඳ ඉවක් තියෙනවා. උන්ට ආදරය කරනකොට ඒ සතුන් අපිට ආදරය කරනවා. සතුන්ට කරදර කරනකොට, උන් ජීවත් වෙන පරිසරය වෙනස් වෙනකොට සත්තු වල්මත් වෙනවා. වියරු වැටෙනවා. ගම්මානවලට පැනලා වගා බිම් විනාශ කරලා මිනිස්සුන්ට ගහනවා. මරනවා. සතුන් ගම්වලට පැනලා කලබල කරනකොට මිනිස්සු උන්ව මරන්න උගුල් අටවනවා. වෙඩි තියනවා. හක්කපටස් දාලා අලි, ඌරෝ වෙනත් වනසතුන් විශාල වශයෙන් මරනවා. වස දීලා සතුන් මරනවා. අහිංසක සතුන් විනාශ වෙලා යනවා. කැලෑව, වනසතුන් සොබාදහම අපිට දීලා තියෙන සම්පත්. වනසතුන් අපගේ අසල්වැසියන්. රටවැසියන් විදිහට මේ සම්පත් ආරක්‍ෂා කරගන්න අපිට පුළුවන් උපරිමය කරන්න ඕනෑ. කැලෑවේ ජීවත් වන වනසතුන්ගේ ජීවිත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. සතුන් මැරුණට පස්සෙ කතා කරලා ඵලක් නෑ. උන්ට හානියක් වෙන්න ඉස්සෙල්ලා පෙන්නා දීම තමයි අපේ යුතුකම වෙන්න ඕනෑ. හඬක් නැති සතුන්ට අසාධාරණයක් කරන්න දෙන්න බෑ. ඒත් දැන් මම වයසයි. අසරණ සතුන් වෙනුවෙන් තරුණ පිරිස ඉදිරියට එන්න ඕනෑ…” සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින අයිරාංගනී ද සිල්වා මහත්මිය සතුන් අසල්වාසීන් ලෙස හඳුන්වයි. එම අසල්වාසීන් ජීවත් වන වනපියස විනාශ කිරීම, උන්ට හිංසා කිරීම බුදු දහමට අනුව ගෙවා නිම කළ නොහැකි පාපකර්මයක් බව ද අපි මතක් කර සිටින්නෙමු.
එමෙන් ම මිනිසුන්ගේ අමන ක්‍රියාකාරකම් හමුවේ ලෝකයේ වනගහනය ශීඝ්‍රයෙන් විනාශ වෙමින් තිබෙන බව සැබෑය. ලෝකයට හුස්ම සපයන ඇමසන් වනාන්තරයත් ගිනි ගෙන දැවෙන අයුරු පසුගිය කාලයේ දී අපි දුටිමු. මුළු මහත් ලෝකවාසින්ට සීයට තිහකට ආසන්න ප්‍රමාණයකින් ඔක්සිජන් සපයන ඇමසන් වනාන්තරය විනාශයේ වැරැදිකරුවන් ද මිනිසුන්ය. ඇමසන් පමණක් නොව ලෝකයේ ඕනෑම රටක වනාන්තර විනාශය සත්ත්වයන්ට නරක අයුරින් බලපාන බව නිසැකය. ලෝකයේ විනාශයට ‘ඔක්සිජන්’ හිඟ වීමත් බලපාන බව ද සැබෑය. මේ වනවිටත් ගෝලීය උණුසුම ඉහළ ගොස් දේශගුණික විපර්යාස ඇතිවීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. මේ මොහොත වනවිටත් දේශගුණික විපර්යාස හේතුවෙන් මුළු මහත් ලෝකවාසින් ම විවිධාකාරයෙන් පීඩා විඳිමින් සිටින බව රහසක් නොවේ. ඍතු උඩු යටිකුරු වී අපේ රටේ ද පායන කාලයට වැසි කඩා හැළී, වැස්ස කාලයට ගිනි පත්තු වන තරමට පායන අයුරු කාලයක සිට අත්දකින යථාර්ථයයි. දැඩි හිරු රශ්මියෙන් දැවෙන මේ දිනවල එම යථාර්ථය හොඳින් ම අද්විඳීමට ලැබේ. ඒ වනාන්තර විනාශයේ කටුක ප්‍රතිඵලයකි. 1815ට පෙර මෙරට සීයට හැත්තෑවක්, අසූවක් පැවැති ඝන වනගහනය මේ වනවිට 18%ක 20%ක ප්‍රමාණයට අඩු වී ඇත. ඉඩම් කොල්ලකරුවන් විසින් අදටත් උතුර, නැඟෙනහිර වනාන්තර ප්‍රසිද්ධියේ විනාශ කරමින් සිටිය ද බලධාරීන් එය නොතේරෙන ගාණට සිටින බව ඇත්ත කතාවකි. විල්පත්තු රක්‍ෂිතයේ අක්කර දෙදහස් පන්සීයක් පමණ විනාශ කර අලුතින් ගම්මාන ඉදි කළ කාපාලු දේශපාලුවන්ට එරෙහිව රටේ නීතිය පවා නිරුත්තර විය. මොනරාගල දිස්ත්‍රික්කයේ පමණක් රක්‍ෂිත ඉඩම් අක්කර විසිදහසකට වැඩි ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට කොටු කරගෙන ඇති බව වාර්තා වේ. රක්‍ෂිත කොල්ලය මෙරට වනාන්තර ආශ්‍රිතව ප්‍රසිද්ධියේ කෙරෙන ජාවාරමකි.
‘තුරු හිසත් දිය බිඳත් අප අතැර ගිය දිනෙක මරු කතර මැද අතරමං මුව රැළකි අප…’ මිනිසුන් මෙන්ම සතා සිව්පාවාද ජීවත් කරවන්නේ වනාන්තරය. අතොරක් නැතිව වනාන්තර එළිපෙහෙළි කරන හැටි දකිනවිට අතරමං මුව රැළක් වීම වැඩි ඈතක නොවන බව ද අපගේ විශ්වාසයයි.
තරංග රත්නවීර
උපුටා ගැනීම – divaina.lk