සතුන්ගෙන් සිදු වන වගා හානි වැලැක්වීමට පොදු එකඟතා වැඩ පිළිවෙලක්

මොනරා, වඳුරා , රිලවා,ඉත්තෑවා දඬු ලේනා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානි වැලැක්වීමට කෙටිකාලයක් ඇතුළත පොදු එකඟතාවක් සහිත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්ව වල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාවයද හෙතෙම පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගයද තමන් බලාපොරොත්තු වන බව පැවසීය.

කාලීන පුවත්