සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් පෑ අපේ කාලයේ බෝසත් වරයෙක්;රතන් ටාටා

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුව සිටි, වර්තමාන චාල්ස් රජු, 2018 වසරේ දී ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ රතන් ටාටාගේ මානව හිතවාදී ගුණය පිළිබඳ ඇති වූ පැහැදීම නිසා, මානව හිතවාදිත්වය වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරිනැමීමට අදහස් කළේය. මේ වෙනුවෙන් දැවැන්ත උත්සවයක් සංවිධානය කළ චාල්ස් රජු රතන් ටාටා ට මේ සඳහා ඇරයුම් කළේය. කෙසේ නමුත් උත්සවය පවත්වන්නට යෙදූණු දිනයේ දී රතන් ටාටාගේ සුරතල් සුනඛයකු අසනීප වී අසාධ්‍ය තත්ත්වයකට පත්ව තිබිණි. උත්සවය කෙතරම් වටිනා එකක් වුව ද ඔහුට සිය සුරතලා හැර දමා යන්නට සිතක් පහළ වූයේ නැත. මේ කාරණාව නිසා තමාට උත්සවයට සහභාගී වන්නට නොහැකි යැයි රතන් ටාටා, ඒ වන විටත් බකිංහැම් මාලිගාවේ සිටි සිට නියෝජිතයාට දැන්වූයේය. ඔහු මේ බව චාල්ස් රජුට දන්වා සිටියේ කුමකින් කුමක් වේ දැයි දෙගෙඩියාවෙනි. නමුත් චාල්ස් රජුගේ ප්‍රතිචාරය ඔහු අපේක්ෂා කළ එකක් නොවීය. ඔහු පැවසුවේ, “අන්න මිනිස්සු. රතන් ටාටා මානව හිතවාදියෙක් කියන්නේ ඔන්න ඔය හේතුව නිසාම තමයි” යන්නය. මෙය රතන් ටාටාගේ මානව හිතවාදී ගුණය ලෝකය හමුවේ පිළිබිඹු වූ එක් අවස්ථාවක් පමණි.

ඔබ පොදු ප්‍රවාහනය භාවිත කරන්නෙකු නම් ටාටා (Tata) බස් රථවල ගමන් කොට තිබෙනවා විය හැකිය. අප රටේ මහා මාර්ගවල ධාවනය වන ටාටා මෝටර් රථ දැක තිබෙනවා විය හැකිය. රතන් ටාටා යනු මේ සියලු මෝටර් රථ නිපදවන ඉන්දියානු සමාගමක් වූ ටාටා මෝටර්ස් හි ආදිකර්තෘ වන ජැම්සෙට්ජි ටාටාගේ මී මුණුබුරාය. 1937 වසරේ උපන් ඔහු වසර ගණනාවක්ම ටාටා පුත්‍රයෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය. රතන් ටාටා ඉන්දියාව තුළ මෙන්ම ලෝකය පුරා ද සියලු දෙනා හඳුනන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස පමණක් නොවේ. සතුන්ට දැඩි ලෙස ආදරය දක්වන මානව හිතවාදී ගුණයෙන් යුක්ත මිනිසෙක් ද ලෙසිනි. ඔහු ඒ වෙනුවෙන් කළ කැපවීම අතිමහත්ය. හුදෙක් සතුන් වෙනුවෙන් වූ ආදරය, කරුණාව, සෙනෙහස නිසාම ඒ වෙනුවෙන් ඔහු සමස්ත ඉන්දියාව මුළුල්ලේම  මෙහෙවන්නා වූ විවිධ වැඩසටහන් බොහොමයකි.

මේ සිදුවීම තුළ කතා නායකයා වූ රතන් ටාටා පිළිබඳ ඔබ ඇතැම්විට නොදන්නවා වන්නට පුළුවන. නමුත් ඔබ පොදු ප්‍රවාහනය භාවිත කරන්නෙකු නම් ටාටා (Tata) බස් රථවල ගමන් කොට තිබෙනවා විය හැකිය. අප රටේ මහා මාර්ගවල ධාවනය වන ටාටා මෝටර් රථ දැක තිබෙනවා විය හැකිය. රතන් ටාටා යනු මේ සියලු මෝටර් රථ නිපදවන ඉන්දියානු සමාගමක් වූ ටාටා මෝටර්ස් හි ආදිකර්තෘ වන ජැම්සෙට්ජි ටාටාගේ මී මුණුබුරාය. 1937 වසරේ උපන් ඔහු වසර ගණනාවක්ම ටාටා පුත්‍රයෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.

රතන් ටාටා ඉන්දියාව තුළ මෙන්ම ලෝකය පුරා ද සියලු දෙනා හඳුනන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස පමණක් නොවේ. සතුන්ට දැඩි ලෙස ආදරය දක්වන මානව හිතවාදී ගුණයෙන් යුක්ත මිනිසෙක් ද ලෙසිනි. ඔහු ඒ වෙනුවෙන් කළ කැපවීම අතිමහත්ය. හුදෙක් සතුන් වෙනුවෙන් වූ ආදරය, කරුණාව, සෙනෙහස නිසාම ඒ වෙනුවෙන් ඔහු සමස්ත ඉන්දියාව මුළුල්ලේම  මෙහෙවන්නා වූ විවිධ වැඩසටහන් බොහොමයකි.

ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරික පවුලක උපන් රතන් ටාටා, තමා තුළ වූ මේ පුරුෂාර්ථ සහ ආචාර ධර්ම කෙරෙහි බලපෑම් කළ, ළමා කාලයේ විඳි අත්දැකීම් පිළිබඳ නිතර පවසයි. කුඩා කාලයේ සිටම සුරතල් සතුන් සහ සොබා දහම ඇසුරේ හැදුණු වැඩුණු ඔහුගේ සිත තුළ සියලු සතුන් කෙරෙහි වූ ගෞරවය කුඩා කාලයේ පටන්ම කෙමෙන් වර්ධනය වූයේය. සතුන් කෙරෙහි ඔහු තුළ වූ මේ සහකම්පනය ඔහුගේ ව්‍යාපාරවල සහ මානව හිතවාදීත්වය හැඩගැස්වීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය.

සතුන් කෙරෙහි රතන් ටාටාගේ ඇති කරුණාව පිළිබිඹු කෙරෙන හොඳම නිදසුනක් වන්නේ ඔහු ඉන්දියාවේ අයාලේ හැසිරෙන සතුන් වෙනුවෙන් කළ කැපකිරීම්ය. ඉන්දියාවේ මහා මාර්ගවල අයාලේ හැසිරෙන බළලුන් සහ සුනඛයන් කෙරෙහි කරුණා සිත් ඇති කරගත් ඔහු මේ සතුන් ගලවා ගෙන පුනරුත්ථාපනය කරන සංවිධානවලට එම කටයුතු වඩාත් හොඳින් සිදු කරගෙන යාම සඳහා දැවැන්ත ලෙස මූල්‍ය අරමුදල් ලබා දෙන්නට කටයුතු කළේය. මූලය අරමුදල් ලබා දීමෙන් පමණක් නොනැවතූණු ඔහු, ඉන්දියානුවන් ලබා ගත යුත්තේ මේ ආකාරයට පුනරුත්ථාපනය කළ සුරතල් සතුන් මිස, සතුන් බෝකරන්නන්ගෙන් නොවන බව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ද නිතර සහභාගී වූයේය.

මෙවැනි සතුන්ගේ රැකවරණය වෙනුවෙන් ඔහු ඉන්දියාව පුරා නිවහන් ඇති කරන්නට කටයුතු කළේය. අතහැර දැමූ සහ අපයෝජනයට ලක් වූ සතුන්ට නිවහනක් සැපයීම පමණක් නොව සතෙකුගේ හිමිකරුවෙක් ලෙස පවතින වගකීම් සහ අයාලේ යන සත්ත්ව ගහනය පාලනය කිරීම සඳහා ඔවුන්ව එන්නත් කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම ද මේ තුළින් අපේක්ෂා කළේය.

ඔහු විසින් ඇති කළ ටාටා භාරකාර මණ්ඩල මගින් සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් අතිමහත් වැඩසටහන් ක්‍රියාත්මක කළේය. පශු වෛද්‍ය සේවය, ගලවා ගැනීමේ මෙහෙයුම්, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළුව සතුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ වැඩසටහන් බොහොමයක් ඔහු මේවා තුළින් දියත් කළේය. මේවා අතරින් එක් වැඩසටහනක් වන්නේ සතුන්ගේ රැකවලකු වන්නේ කෙසේදැයි පුහුණු කිරීමේ වැඩසටහනයි. මේ තුළින් ඕනෑම පුද්ගලයකුට මේ පුහුණුව ලබා ගත් හැකි අතර එවිට අයාලේ හැසිරෙන සතෙකුට වඩාත් යහපත් රැකවරණයක් සහ අවධානයක් ලබා දීමට හැකියාව ලැබිණි.

සතුන් කෙරෙහි වූ කරුණාව තුළින් සමාජයේ සදචාරාත්මක පැතිකඩ පිළිබිඹු වන බව ටාටා අවධාරණය කළේය. සියලු සතුන් කෙරෙහි සහකම්පනය ඇති කරවන සංස්කෘතියක් බිහි කිරීම තුළින් සතුන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා පමණක් නොව මිනිසුන්ගේ ජීවිත ද පිරිපුන් වන බව ඔහු ඔහු විශ්වාස කළේය. ප්‍රජාව සංවර්ධනය කිරීමේ සියලු වැඩසටහන් තුළට සත්ත්ව සුබසාධනය ද ඇතුළත් විය යුතුය යන්න ඔහුගේ දර්ශනය විය.

ආයතනික වශයෙන් පමණක් නොව ඔහු සතුන්ගේ සුබසාධනය සිය පුද්ගලික ජීවිතය තුළින් ද පිළිබිඹු කළේය. ඔහු සියලු සතුන් කෙරෙහි කරුණාවන්ත බවක් දක්වන බව සැබෑ නමුත් සුනඛයන් කෙරෙහි විශේෂ ආදරයක් දැක්වූයේය. ඔහු සිය ආදරණීය සුරතලුන් පිළිබඳ කතා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගත්තේය. සුරතල් සතුන්ගේ මානසිකත්වය අවබෝධ කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේ මෘදු හදවතක් ඇත්තකු ලෙස රතන් ටාටා බහුතරයක් හඳුනාගත්තේ මේ ක්‍රියාවන් තුළිනි.

රතන් ටාටාගේ වැඩකටයුතු සතුන් කෙරෙහි මිනිසුන් තුළ කරුණාව ඇති කිරීමෙන් පමණක් නැවතුණේ නැත. සතුන්ගේ සුබසාධනය සම්බන්ධව රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලපෑම් කිරීම දක්වා ද ඒවා ගමන් කළේය. සත්ත්ව හිංසනයට එරෙහිව දැඩි නීති රීති ගෙන එන්නටත්, වන ජීවීන් කෙරෙහි බලපෑමක් නොවන ආකාරයෙන් කර්මාන්ත පවත්වාගෙන යාමේ තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ද ඔහු මුල් තැන ගත්තේය. සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන ක්ෂේත්‍රය තුළට ද සිට බලපෑම ඇති කරන්නට ඔහු ක්‍රියා කළේය. රතන් ටාටා සිය ජීවිතය තුළින් පෙන්වා දුන්නේ සතුන්ට සැලකීම තුළින් අපගේ මනුෂ්‍යත්වය පිළිබිඹු වන බවය. ඔහු හඬක් නැති සත්ත්ව කොට්ඨාසයකට හඬක් ලබා දෙමින් නොගිනිය හැකි තරම් සතුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවූවා පමණක් නොව ස්වාභාවික ලෝකය සමග තමාගේ ඇති සබඳතාව කෙසේ විය යුතු දැයි නැවත වරක් සිතා බලන්නට පුද්ගලයන් සහ ආයතන කෙරෙහි බලපෑමක් ද ඇති කළේය.

2018 වර්ෂයේ දී ඔහු අයාලේ හැසිරෙමින් සිටි සුනඛයකු ඇතිදැඩි කරන්නට පටන් ගත් අතර ඇය ‘මායා’ ලෙස නම් කරනු ලැබිණි. ඇය වැඩිකල් නොගොස්ම අපේක්ෂාවේ සහ කරුණාවේ සංකේතයක් බවට පත්වූවාය. සතුන් අළෙවි කරන ස්ථානවලින් ලබා ගත් සුරතලුන් ඇති දැඩි කරනු වෙනුවට අයාලේ ගොස් පුනරුත්ථාපනයට ලක් කළ සුරතලකු හදා වඩා ගැනීම තුළින්, ඔවුන්ට ජීවිතයේ දෙවැනි අවස්ථාවක් ලබා දීමේ සතුට තමාට ද අත්විඳිය හැකිය යන පෙළඹවීම බොහෝ ඉන්දියානුවන් තුළ ඇති කරන්නට ඔහුගේ මේ පියවර හේතුවක් විය.

රතන් ටාටාගේ වැඩකටයුතු සතුන් කෙරෙහි මිනිසුන් තුළ කරුණාව ඇති කිරීමෙන් පමණක් නැවතුණේ නැත. සතුන්ගේ සුබසාධනය සම්බන්ධව රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලපෑම් කිරීම දක්වා ද ඒවා ගමන් කළේය. සත්ත්ව හිංසනයට එරෙහිව දැඩි නීති රීති ගෙන එන්නටත්, වන ජීවීන් කෙරෙහි බලපෑමක් නොවන ආකාරයෙන් කර්මාන්ත පවත්වාගෙන යාමේ තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ද ඔහු මුල් තැන ගත්තේය. සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන ක්ෂේත්‍රය තුළට ද සිට බලපෑම ඇති කරන්නට ඔහු ක්‍රියා කළේය.

රතන් ටාටා සිය ජීවිතය තුළින් පෙන්වා දුන්නේ සතුන්ට සැලකීම තුළින් අපගේ මනුෂ්‍යත්වය පිළිබිඹු වන බවය. ඔහු හඬක් නැති සත්ත්ව කොට්ඨාසයකට හඬක් ලබා දෙමින් නොගිනිය හැකි තරම් සතුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවූවා පමණක් නොව ස්වාභාවික ලෝකය සමග තමාගේ ඇති සබඳතාව කෙසේ විය යුතු දැයි නැවත වරක් සිතා බලන්නට පුද්ගලයන් සහ ආයතන කෙරෙහි බලපෑමක් ද ඇති කළේය.

සදාචාරය වසා ගනිමින් කාර්මික වර්ධනය ඉදිරියට ගමන් කරන වකවානුවක, රතන් ටාටාගේ කැපවීම සත්ත්ව සුබසාධනය කෙරෙහි වූ අපේක්ෂාවේ සහන් එළියක් වැනිය. සැබෑ සාර්ථකත්වය මනිනු ලබන්නේ ආර්ථික ජයග්‍රහණ තුළින් පමණක් නොව සතුන් කෙරෙහි වූ ආදරය, දයාව, අනුකම්පාව ආදිය තුළින් ද බව ඔහු මිනිසුන්ට සිහිපත් කර දුන්නේය. රතන් ටාටා සතුන් කෙරෙහි දක්වන ආදරය ඉදිරි පරම්පරා ගණනාවක් කෙරෙහිම කල්පවත්නා බලපෑමක් ඇති කරනු නිසැකය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය