සතොස පාරිභෝගිකයන්ට පැනවූ ඇමති කොන්දේසිය ඉවතට

සතොස මගින් අද(06) සිට සහල් සහ සීනි ලබා ගන්නා විට වෙනත් භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය නොවන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.සහල් , සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට මෙම කොන්දේසි පනවා තිබුණි.එහෙත් එය නීති විරෝධී බව විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දීමෙන් පසු ඇමති වරයා තම මුල් ප්‍රකාශය මෙලෙස වෙනස් කරගෙන තිබේ.

කාලීන පුවත්