සතොස ආයතනයේ සුදු ළුෑණු වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ව සිටියි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු පනස්පස් හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත් කිරිමට නියමිතය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.