හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී එම රිය පැදවූ රියැදුරු පවසන අන්දමට ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත.නමුත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.නමුත් ඔහු ගේ එම ප්‍රකාශය අසත්‍යයක් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.