සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ් පසුගිය 19 වන දා අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝටාගෝගම සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කොට තිබේ.සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති වීම නිසාත් මෙම සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මහජන කැළඹීමක් මතුවිය හැකි බවට කරුණු ඉදිරිපත් ව ඇති නිසාත් ඇප පනත යටතේ මෙම සැකකරුවන්ගේ අදාළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කොට ඇත.

කාලීන පුවත්