වලවේ කලාපයේ වී ගොවිතැන් සඳහා සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පැය හතරක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.ඒ අනුව සමනල වැවේ ජල පරිමාව සළකා බලා විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කරයි.ඒ අනුව සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවත් හෙතෙම කියා සිටියි. අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි. කෙසේ වෙතත් විදුලි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ විදුලි කප්පාදුව දරාගනිමින් හෝ ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවය.එසේ නොකළහොත් ඉදිරියේදී රට තුළ බරපතල ආහාර හිගයක් ඇති වනු ඇති බව ද හෙතෙම කියා සිටියි.එමෙන්ම වගා හානි වන්දි වශයෙන් අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමට ද රජයට සිදුවන බවක් ද ඇමති වරයා කියයි. නමුදු වලවේ කලාපයේ වී ගොවිතැන් සාර්ථක ව නිමා කර ගැනීම සඳහා සමනලවැව ජලාශයේ මුලු ජල පරිමාව වුව සෑහේද?යන්න පිළිබඳව විදුලි බල,වාරි සහ කෘෂි ක්ෂේත්රවල විද්වත් පිරිස් මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ගොවි නියෝජිත වරුන් හා එක් ව පොදු තීරණයකට එළඹීමේ කඩිනම් අවශ්‍යතාව මැදහත් පාර්ශව විසින් පෙන්වා දී තිබේ.