සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට මුදාහරින ජල ප්රමාණය අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ටර්බයින වෙත ජලය රැගෙන යන මාර්ගයේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් සුළි ඇතිවීම මෙයට හේතුවයි.
සමනල වැව ජලාශයේ සිට උඩවලව ජලාශය දක්වා ජලය ගෙන යන මාර්ගයේ සුළි ඇති වී තිබෙන අතර, ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්රවල වේගය අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව බ්රහස්පතින්දා (10) එක් ජනන යන්ත්රයකින් මෙගාවොට් 40ක විදුලිය නිපදවා ඇති අතර සිකුරාදා (11) එය තවදුරටත් අඩු කර ඇත.
කෙසේ වෙතත්, සමනල වැව ජලාශයෙන් ජලය ඝන ලීටර් මිලියන 7.5ක් උඩවලව ජලාශයට මුදා හැර ඇති අතර, මේ වනවිට සමනල වැවේ ධාරිතාව 8%ක මට්ටමක පවතියි.