අද(08) අලුයම 2.30 පමණ සිට වගා කටයුතු සඳහා සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.එම මණ්ඩලය සඳහන් කළේ,ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කරමින් මෙගා වොට් 120ක් එක් කරන අතරේම උඩවලව ජලාශයට ජලය මුදා හරිමින් ඇති බවකි.ඒ අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් ජලය මුදා හැරෙයි.මේ අතර ලංකා විදුලි මණ්ඩලය පැවසුවේ අද අලුයම වනවිට සමනල වැව ජලාශයේ සමස්ත ජල මට්ටම 13 % ක් වශයෙන් සටහන් වන බවයි.ජලාශයේ ජලය ඉතා සුළු ප්‍රමාණයක් පැවැතීම හේතුවෙන් ඊයේ (07) දිනය දක්වා සමනල වැවෙන් විදුලි නිෂ්පාදනය පිරිමැසුම්දායක ලෙස ඉතා සුළු ප්‍රමාණයක් සිදු කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.එහෙත්, වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් ලබාදෙන ලෙස රජය කරන ලද ඉල්ලීම අනුව අද සිට විදුලිය නිෂ්පාදනය ද වැඩිකරන අතරේම වැඩි වශයෙන් ජලය ජලාශයෙන් මුදා හරිනු ඇත.නිකරුණේ ජලය මුදා හැරිම ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙන් විදුලි ජනනය සිදු කරන අතරේ ජලය මුදා හැරීම සිදුකරන බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.නමුත් සමනල වැවෙන් ජලය ලබාදීමට ගත් තීරණය හේතුවෙන් හදිසි තත්වයක් යටතේ පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගැනීමට සිදුවන බව විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.නමුදු ඒ සඳහා විදුලි බල මණ්ඩලයට අතිරේක පිරිවැයක් දරන්නට වන අතර එය විදුලි බල මණ්ඩලයට අතිශය පාඩු ගෙන දෙන්නක් බව ද අප කළ විමසීමක දි ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.