සමන්මලී ගේ හා ටිල්වින් ගේ “ගණිකා කතා” වල නොපෙනෙන පැත්ත – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

vinivida.lk

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා යැයි කියමින් ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ සමන්මලී ගුණසිංහ දේශපාලන බට කැලයට ගිනි තබා ඇත.වත්මන් ජන සම්මතයට අනුව ගණිකා වෘත්තිය හෙළා දැකිය යුත්තකි.එහෙත්, මේ ගණිකා නම ගෑවුණු සැනින් ඕනෑම පුවතකට අමුතු ජවයක් පන්නරයක් ඇති වන බව රහසක් නොවේ.ඒ ලිංගිකතවය දෙසට හොරෙන් එබිකම් කිරීමට සදාචාර සම්පන්න බොහෝ දෙනකු තුළ පවා ඇති සහජ ආශාව නිසා ය.සමන්මලී ගුණසිංහ ගේ මේ ගිනි තැබිල්ලට මුලින්ම බය වුණේ වෙන කවුරුවත් නොව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාම ය.ඔහු හැරෙන තැපෑලෙන් ඒ ගින්නට ජල බවුසරයක් හෙලන්නා සේ ප්‍රකාශයක් කරමින් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එබඳු දෙයක් සිදු නොකරන බවත් එම පාලනයකින් කරන්නේ ගණිකා වෘතිය තුරන් කිරීමට ක්‍රියා කිරීම බවත් පැහැදිලි කළේය.

සමන්මලී ගුණසිංහ දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එහි කාන්තා නියෝජනයේ ප්‍රමුඛතම චරිතයකි.නමුත් ඇය මේ ප්‍රකාශය සිදු කළේ ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු ලෙස එහි කාන්තා ප්‍රතිපත්තිය පිළිබඳව සිදු කළ මාධ්‍ය සාකච්ඡාවකදී ය.එබැවින් ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් හෝ නිවැරදි කිරීමක් කළ යුතුව තිබුණේ නම් එය කළ යුතු වඩාත් නිවැරදි පිළිවෙත එම ප්‍රකාශය කළ සමන්මලී ගුණසිංහ විසින්ම එය කිරීම ය.

නමුත් එහි ලොකු පටලැවිල්ලක් තිබේ.එනම් එම පැහැදිලි කිරීම සිදු කළේ ජාතික ජන බලවේගයෙන් නොව ජනතා විමුක්ති පෙරමුණෙන් වීම නිසා ය.ජාතික ජන බලවේගයේ නායක නායිකාවන් කරන ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයාම ක්ෂණිකව පෙරට පැමිණීමෙන් කියැවෙන්නේ ජාතික ජනබලවේගය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ නියාමනය හා අධීක්ෂනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් බව මිස අන් දෙයක් නොවේ.සමන්මලී ගුණසිංහ දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එහි කාන්තා නියෝජනයේ ප්‍රමුඛතම චරිතයකි.නමුත් ඇය මේ ප්‍රකාශය සිදු කළේ ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු ලෙස එහි කාන්තා ප්‍රතිපත්තිය පිළිබඳව සිදු කළ මාධ්‍ය සාකච්ඡාවකදී ය.එබැවින් ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් හෝ නිවැරදි කිරීමක් කළ යුතුව තිබුණේ නම් එය කළ යුතු වඩාත් නිවැරදි පිළිවෙත එම ප්‍රකාශය කළ සමන්මලී ගුණසිංහ විසින්ම එය කිරීම ය.නො එසේ නම් ජාතික ජන බලවේගයේ මහ ලේකම්වරයා වූ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් එය පැහැදිලි කිරීම ය.ජාතික ජන බලවේගයේ ද නායක අනුර දිසානායක සෑම දිනකම සිදු කරන ප්‍රසිද්ධ රැස්වීමකදී ජනතාව අමතා මේ ප්‍රකාශය ගැන වැඩි පැහැදිලි කිරීමක් කර සමන්මලී ගුණසිංහ ගේ කතාවෙන් යම් වැරදි වැටහීමක් සමාජගත වන්නේ යැයි බියක් තිබුණේ නම් වලක්වා ගත හැකිව තිබුණි.ජාතික ජන බලවේගයේ මේ සියලු දෙනා නිහඬව සිටියදී ජවිපෙ ප්‍රධාන ලේකම් වරයාම “හිස ගිනි ගත්තෙකු එගිනි නිවන සේ” සමන්මලි ගුණසිංහගේ එම ප්‍රකාශය නිශේධනය කළේ ඇයි?

මීට කලකට ඉහත ජනාධිපති රනිල් වික්‍රමසිංහ දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ යැයි ප්‍රකාශයක් කළ විගස ඒ පිළිබඳව ජාතික ජනබලවේගයේ අදහස මාධ්‍යවේදියෙකු විමසූ විට ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරිණි අමරසුරිය එම අදහස අගය කරමින් ඊට සහාය දෙන බව ප්‍රකාශ කළා ය. ඒ අවස්ථාවේදී ද “අර ගෑනි වැඩේ කෑවා” යැයි නොකියා කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයා මැදිහත්ව ඒ අදහස ද නිශේධනය කරමින් ප්‍රකශයක් කළ බව අපට මතක ය. ජාතික ජන බලවේගය නම් දේශපාලන පක්ෂයේ නායක කාරකාදීන්ගෙන් නිකුත්වන ප්‍රකාශ ජනතා විමුක්ති පෙරමුණෙන් මෙලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් ඇඟවෙන්නේ මේ පක්ෂ දෙක අතර ක්‍රමයෙන් වර්ධනය වන මතවාදීමය ගැටළුද?නොඑසේ නම් ජාතික ජන බලවේගය යනු හුදෙක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාලනය කරන රූකඩයක්ය යන්න ද?මේ ප්‍රශ්න ජාතික ජන බලවේගය වටා ගොනු වන ජවිපෙ නොවන පිරිස් අතර ක්‍රමයෙන් මතුවීම වැලැක්විය නොහැකි වනු ඇත.

සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයෙහි “ගණි”යනුවෙන් ගණිකාව වෙසඟන හා වේශ්‍යාව යන අර්ථයන් දක්වා ඇති අතර ගණිකාව යන්න ට අර්ථ දී ඇත්තේ “වෙසඟන” හා “බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාව” ලෙසිනි.එහි ගණිකා නිවාසය අර්ථ දක්වා ඇත්තේ “ගණිකාවන් සිටින ගෙය” ලෙසයි.මේ අනුව මුදල් හෝ ගාස්තු ලෙස වෙනත් දෙයක් අය කර බහුපුරුෂ සේවනයේ යෙදීම ගණිකා වෘත්තිය ලෙස සැලකීමට හැකිය.

කෙසේ වුවත් සමන්මලී ගුණසිංහ කළ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණ කලබල වුවත් මෙරට පුරවැසියන් ලෙස අප ද ඒ ප්‍රකාශය ගැන විමසීමක් කළ යුතුව ඇත.එසේ විමසීම් කළ යුත්තේ කිසිදු සුචරිතවාදයක් ගෑවීත් නැති මෙරට ඇතැම් දේශපාලන පක්ෂ මෙන් ‘ඔන්න ජාජබෙ ආණ්ඩුවකින් අපේ අවුරුදු දෙදාස් පන්සීයක් රැකගත් සංස්කෘතිය කනවෝ ‘ කියා ප්‍රහාර එල්ල කිරීමේ අරමුණෙන් නොවේ.සමන්මලී ගුණසිංහ ගේ ප්‍රකාශය හා ටිල්වින් සිල්වාගේ නිශේධනය කිරීම කරන ලද්දේ ඒ පිළිබඳව වූ මනා අධ්‍යනයකින්දැයි පැහැදිලි කර ගැනීමට ය. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ බහුලව නිරතවන්නෝ කාන්තාවෝ ය. ගණිකා වෘත්තියේ නියැලෙන පිරිමි හා ළමා පුද්ගල සංඛ්‍යාවට සාපේක්ෂව කාන්තාවන්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව පැහැදිලි ය.මේ නිසාම ගණිකා වෘත්තිය ප්‍රමුඛ වශයෙන් හඳුනා ගන්නේ කාන්‍තා ගැටලුවක් ලෙසට ය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයෙහි “ගණි”යනුවෙන් ගණිකාව වෙසඟන හා වේශ්‍යාව යන අර්ථයන් දක්වා ඇති අතර ගණිකාව යන්න ට අර්ථ දී ඇත්තේ “වෙසඟන” හා “බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාව” ලෙසිනි.එහි ගණිකා නිවාසය අර්ථ දක්වා ඇත්තේ “ගණිකාවන් සිටින ගෙය” ලෙසයි.මේ අනුව මුදල් හෝ ගාස්තු ලෙස වෙනත් දෙයක් අය කර බහුපුරුෂ සේවනයේ යෙදීම ගණිකා වෘත්තිය ලෙස සැලකීමට හැකිය. ශ්‍රී ලංකාවේ නීතියෙන් මේ ගණිකා වෘත්තිය සඳහා බාධාවක් පවතින්නේද යන්නත් මීළඟට සොයා බැලිය යුතුය.

ගණිකාවන්ට එරෙහිව ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතියක් වන්නේ 1881 අංක 4 දරණ පාදඩ ආඥා පණතයි.එම ආඥා පණතේ 3(1)ආ වගන්තිය අනුව පොදු විථියක මහා මාර්ගයක හෝ මහජනතාව ගැවසෙන ඕනෑම ස්ථානයක සැරිසරමින් අශික්ෂිත හා නොහික්මුණු චර්‍යාවන්හි නිරත වෙන පොදු ගණිකාවන් එකී නීතිය යටතේ වරදක් කරන අයෙකු සේ සැලකිය හැකිය.ඒඅනුව වරද වන්නේ ප්‍රසිද්ධ විථියක මාර්ගයක හෝ පොදු ස්ථානයක දී කරන හැසිරීම් ය. ලිංගික සේවාව සැපයීම සඳහා එබඳු පොදු ස්ථාන යොදා ගැනීම හෝ එබඳු ස්ථානයක නිකරුනේ ගැවසෙමින් ලිංගික සේවාව සඳහා ගනුදෙනු කරුවන් පොළඹවා ගැනීමේ ක්‍රියාවන් ඒ නීතිය යටතේ වැරදි සේ සැලකෙන බව පැහැදිලි ය.එහිදී වරදක් වන්නේ ලිංගික සේවා සැපයීම නොව ඒ සඳහා ප්‍රසිද්ධ ස්ථාන යොදාගැනීම ය.ඒ අනුව ලිංගික සේවා සපයන කාන්තාවන් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත්කර දඩුවම් කරන්නේ ලිංගික සේවාව සැපයීම හෝ ඒ සඳහා මුදල් අය කිරීම වරදක් සේ සලකා නොවේ.

ගණිකා නිවාස ආඥා පණත ප්‍රකාරව ලිංගික සේවා සැපයීම සඳහා ස්ථාන පවත්වාගෙන යාම ඊට සහය දීම එකී ස්ථාන කලමනාකරණය කිරීම යන වැරදි යටතේ එම සේවා සපයන්නන් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කිරීම හැර ලිංගික සේවාව සැපයූ බවට කාන්තාවකට චෝදනා කර නඩු පැවරීමට ඉඩක් දී නැති බව පැහැදිලි ය.

ඊළඟට ගණිකා වෘත්තියට අදාලව අධිකරණ ක්‍රියා මාර්ග ගනු ලබන්නේ 1889අංක 5 දරණ ගණිකා නිවාස පිළිබඳ ආඥා පණතිනි.එම ආඥා පණතේ දෙවැනි වගන්තිය අනුව ගණිකා නිවාසයක් තබා ගැනීම ,කලමණාකරණය කිරීම, කලමණාකරණයට සහාය වන ක්‍රියාවන් කිරීම, දැන දැනම ගණිකා නිවාසයක අයිතිකරු, බදුකරු ,කුලීකරු හෝ භාවිතා කරන්නා වීම, හෝ යනාදී කරුණු ඒ ආඥා පණත යටතේ එන වැරදි වේ. මේ ආඥා පනතට අදාල ගණිකා නිවාස පිළිබඳව අර්ථ නිරූපනයක් සමග අගනා විශ්ලේෂණයක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් දක්වා ඇත. එම නඩු තීන්දුව දී ඇත්තේ ජයා පතිරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා ය. නඩුව පිටකොටුව පොලිස් ස්ථානාධිපති වරයාට එරෙහිව ඩොරතිද සිල්වා නම් නඩුවයි . ගණිකා නිවාස ආඥා පණත ප්‍රකාරව ලිංගික සේවා සැපයීම සඳහා ස්ථාන පවත්වාගෙන යාම ඊට සහය දීම එකී ස්ථාන කලමනාකරණය කිරීම යන වැරදි යටතේ එම සේවා සපයන්නන් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කිරීම හැර ලිංගික සේවාව සැපයූ බවට කාන්තාවකට චෝදනා කර නඩු පැවරීමට ඉඩක් දී නැති බව පැහැදිලි ය. මේ නීති දෙක හැර කෙලින්ම ලිංගික සේවාවන් නීති විරෝධී කර පැන වූ නීතියක් ශ්‍රීලංකා නීති සංග්‍රහයේ දක්නට නොමැත.

මේ අනුව කිසිදු නීතියකින් ශ්‍රී ලංකාව තුළ කාන්තාවක් විසින් පුරුෂයන් කවර සංඛ්‍යාවකට හෝ ලිංගික සේවා සැපයීම නීතියෙන් තහනම් කළ වරදක් නොවේ.පොදු මාර්ගයක, විථියක, මහජනතාව ගැවසෙන පොදු ස්ථානයක ලිංගික සේවා සැපයුම හෝ ඊට පොළඹවා ගැනීම ලිංගික සේවා සපයන ස්ථාන පවත්වා ගෙන යාම කලමනාකරණය ඊට සහාය දීම හා එබඳු ස්ථානයක් බව දැන දැන අයිතිකරු බදුකරු හෝ කුලීකරු හෝ පදිංචිකරු ලෙස සිටීම ආදිය පමණක් නීතියෙන් වැරදි ලෙස ප්‍රකාශ කර තිබේ.මේ අනුව පුද්ගලික මට්ටමින් කාන්තාවක් විසින් පුරුෂයෙකුට සපයන ලිංගික සේවාවන් එකී නීතියෙන් වැරදි ලෙස සඳහන් නොවේ.එලෙස ලිංගික සේවා සැපයූ බවට කාන්තාවකට චෝදනා කර නඩු පැවරීමට ඉඩක් දී නැති බව පැහැදිලි ය.මේ නීති දෙක හැරුණු විට අල්ලස් ලෙස ලිංගික සේවාවක් ඉල්ලා සිටීම මගින් වරදක් කළ බවට චෝදනා කළ හැක්කේ දූෂණ මර්දන පණතේ 111වන කොටසේ දැක්වෙන අල්ලස් හා දූෂණ වැරදි වලට අදාල නීතිය යටතේය.ඒ අල්ලස් ලෙස ලබාගන්නා තුටු පඬුර යන්නට ලිංගික අනුග්‍රහයක් දැක්වීමත් ඇතුලත්කර ඇති නිසා ය. ඒ නීතිය අනුව ලිංගික සේවාවක් ඉල්ලීමත් හෝ ලබාදීමත් මගින් යම්කාර්‍යක් ඉටුකර දීමට හෝ ගැනීමට බලපැම් කිරීම වරදක් සේ සැලකේ.මේ නීතිමය විධිවිධාන හැර කෙලින්ම ලිංගික සේවාවන් නීති විරෝධීකර පැනවූ නීති ශ්‍රී ලංකා නීති සංග්‍රහයේ දක්නට නැත.

මේ විෂයටම අදාල කරගත හැකි මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මීට කලකට ඉහතදී විභාග කර පැහැදිලි තීන්දුවක් ලබාදුන් බවක් මතක ය.ඒ අනුව එක්තරා පුද්ගලයෙක් තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ නොවන කාන්තාවක සමග පුද්ගලික නවාතැන් පොලක කාමරයක ගතකරද්දී එම ස්ථානය වටලා ඔවුන්ව අත් අඩංගුවට ගත් පොලිසිය අනාචාරයේ හැසිරීමක් පිළිබඳ චෝදනා ඉදිරිපත් කර තිබිණ.අදාල පුද්ගලයා පොලිසියේ එම ක්‍රියාව මගින් ස්වකීය මූලික අයිතියක් උල්ලංඝණය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර නඩුව විභාග කර දුන් තීන්දුවේ වැඩිහිටි පිරිමි හා කාන්තාවන් අතර දෙදෙනාගේම කැමැත්ත මත සිදුවන ලිංගික ක්‍රියාවන් නීති විරෝධී නොවන බව ප්‍රකාශ කරන ලදී.එබැවින් අදාල පුද්ගලයාගේ මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට තීන්දු කර පොලිසිය සිදු කළ ක්‍රියාව දැඩි සේ විවේචනයට ලක් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ බව මතක ය.

ජාතික ජන බලවේගය ලෙස මේ කළ ප්‍රකාශයට උත්තර සැපයු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා බිය වූයේ මේ ප්‍රකාශයට එරෙහිව මතුවිය හැකිව ප්‍රතිප්‍රහාර වලට බව පෙනේ.එනිසා මේ පිළිබඳව ජාතික ජන බලවේගය තුළ වෙනත් අදහස් හුවමාරු වීමට පෙර ඔහු වහාම ඒ ප්‍රකාශය “කරටියෙන්ම කඩා දැම්මේ” ප්‍රහාරයෙන් ගැලවීමට ය.සමන්මලී ගුණසිංහ ගේ ප්‍රකාශය මෙන්ම ටිල්වින් සිල්වා ගේ නිශේධනාත්මක ප්‍රතිචාරය ද ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් මුහුණ දී ඇති සැබෑ ප්‍රශ්නවල පසුබිම ගැන අවබෝධයකින් කළ ප්‍රකාශ නොවේ.ඒවා හුදෙක් දේශපාලන බල අරගලයේදී සිදු කරන කයිවාරු ගැසීම් පන්නයේ ප්‍රකාශ බව පැහැදිලි ය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ තලු මර මරා කියූවද ගණිකා වෘත්තිය යනු රටක ප්‍රවර්ධනය කළ යුතු වෘත්තියක් නොවේ.එබැවින් විවිධ හේතූන් නිසා එම වෘත්තියේ නියැලීමට සිදුව ඇති කාන්තාවන් කායික මානසික වශයෙන් පුනරුත්ථාපනය කොට ඔවුන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම රජයක් සතු වගකීමක් බවත් සඳහන් කළ යුතුව ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගයේ සමන්මලී ගුණසිංහ විසින් සිදු කළ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් එම වෘත්තියේ නියැලෙන කාන්තාවන්ට රැකවරණයක් සලසනවායැයි යන ප්‍රකාශය මේ රටේ ගණිකා වෘත්තියට අදාල නීතිමය පසුබම පිළිබඳ කිසිදු අධ්‍යනයකින් තොරව කළ ප්‍රකාශයක් බව පැහැදිලි ය.ඊට අදාල නීතිමය පසුබිම අධ්‍යයනය කළා නම් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් වැඩි වශයෙන් අනාරක්ෂිත භාවයට පත්ව ඇත්තේ නීතිය පිළිබඳ නොදැනුවත් භාවය, අසංවිධානත්මක භාවය හා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ අනීතික බලපෑම් නිසා බව තේරුම් ගත හැකිව තිබුණි.එසේ තේරුම් ගත්තා නම් බලය ලැබෙන තුරු නොසිට දේශපාලන ව්‍යාපාරයක් ලෙස කරන මැදිහත්වීමකින් මේ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදිමේ හැකියාවක් ද ජාතික ජන බලවේගයට ඇති බව පැහැදිලි ය. එමෙන්ම ජාතික ජන බලවේගය ලෙස මේ කළ ප්‍රකාශයට උත්තර සැපයු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා බිය වූයේ මේ ප්‍රකාශයට එරෙහිව මතුවිය හැකිව ප්‍රතිප්‍රහාර වලට බව පෙනේ.එනිසා මේ පිළිබඳව ජාතික ජන බලවේගය තුළ වෙනත් අදහස් හුවමාරු වීමට පෙර ඔහු වහාම ඒ ප්‍රකාශය “කරටියෙන්ම කඩා දැම්මේ” ප්‍රහාරයෙන් ගැලවීමට ය.සමන්මලී ගුණසිංහ ගේ ප්‍රකාශය මෙන්ම ටිල්වින් සිල්වා ගේ නිශේධනාත්මක ප්‍රතිචාරය ද ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් මුහුණ දී ඇති සැබෑ ප්‍රශ්නවල පසුබිම ගැන අවබෝධයකින් කළ ප්‍රකාශ නොවේ.ඒවා හුදෙක් දේශපාලන බල අරගලයේදී සිදු කරන කයිවාරු ගැසීම් පන්නයේ ප්‍රකාශ බව පැහැදිලි ය.මේ අය වේදිකා දෙදරවමින් කරන අනිකුත් ප්‍රකාශයන් ද මේ අන්දමේම නම් ඔවුන් බලයට පත්වූ පසු ක්‍රියාත්මක කිරීමට ඇතැයි කියන වැඩ සටහන් කුමන ආකාරදැයි සිතා ගත නොහැකි ය. හිටපු ජනපති ගෝඨාභය ද ජනතාව විසින් ධුරයෙන් පලවා හරින ලද්දේ දිය කාවා කරන වීර කම් කරන්නට ගිය කපුටකු මෙන් නොදන්නා ඉසව් වල නොදන්නා කරනම් ගසන්නට යාමෙනි.කෙසේ වුවද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ තලු මර මරා කියූවද ගණිකා වෘත්තිය යනු රටක ප්‍රවර්ධනය කළ යුතු වෘත්තියක් නොවේ.එබැවින් විවිධ හේතූන් නිසා එම වෘත්තියේ නියැලීමට සිදුව ඇති කාන්තාවන් කායික මානසික වශයෙන් පුනරුත්ථාපනය කොට ඔවුන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම රජයක් සතු වගකීමක් බවත් සඳහන් කළ යුතුව ඇත.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර