ඉකුත් පක්ෂ නායක රැස්වීමේදී විවාදයකින් සහ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීමට එකඟතාවයකට පත් ව ඇති සමාජ ආරක්ෂණ බද්දට තමන් විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.“දැන් නැවතත් අලුත් බද්දක් හඳුන්වා දෙන්න යනවා.. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත කියලා.මේක විවාදයකින් සහ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන්න එකඟතාවයකට පැමිණ තිබෙනවා: පක්ෂ නායක රැස්වීමේදී.නමුත් මට ඒ ගැන තිබෙන්නේ වෙනත් අදහසක්. මේකේ 2.5% පිරිවැටුමට බද්දක් අය කරනවා. ආනයනය, මිලට ගෙන විකිණීම, සේවා හා නිෂ්පාදනය කියන ක්ෂේත්‍ර හතරටම මේ බද්ද අදාළ වෙනවා.ආනයන සහ සේවාවන්ට නිශ්චිත වශයෙන්ම 2.5%ක පිරිවැටුමට බද්දක් අය කරනවා. නැවත නිෂ්පාදනයෙන් 85%කට 2.5%ක පිරිවැටුමට බද්දක් අය කරනවා.නැවත, බෙදාහැරීමට, විකිණීමට මේ බදු අය කරනවා. මේක හරියට වැල්බද්දක් වගේ.වැට් බද්ද 15% වුණාට මේ සමාජ ආරක්ෂණ බද්ද හරහා සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැට් බද්දත් එකතු වුණාම 20%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවෙනවා.මේක සාධාරණ ද?. මේ ආර්ථික අර්බුදය හදපු, ඒක නිර්මාණය කරපු කිසිවෙකුට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මහ බැංකුවේ මුළු මුදල් සංචිතයම හින්දුවා.නමුත්, සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට මේ ආර්ථික කඩා වැටීම විශාල පීඩනයක් එල්ල කරමින් තිබෙනවා.මේ අර්බුදයේ ප්‍රතිවිපාක ජනතාව මත පටවමින් තිබෙනවා. ඒ ආර්ථිකය කඩාවැටීමට හවුල්වූ අයට එහෙම තත්ත්වයක් නැහැ.සාමාන්‍ය ජනතාවට මේ ඇතිකරන ආතතිය තව කොච්චර දවසක් ඉවසයි ද? මේකෙ සීමාවක් නැද්ද?මේ නිසා අපි මේ පනතට විරුද්ධයි.”ඒ මහතා කියයි.