“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි වීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අපහසුතාවක් පවතින බැවින් දැනට කියාත්මක කරන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කර තිබේ.ඔවුන් මෙම ඉල්ලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කර ඇත..මෙම සමාජ මාධ්‍ය ජාල තහනම ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව කළ බව කොමිෂන් සභාව දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවා දැඩි අවධානයක් යොමු වී තිබේ.මේ අතර තම ට්විටර් ගිනුමේ සටහනක් තබන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටිනුයේ ද මෙම සමාජ මාධ්‍ය ජාල තහනම නිෂ්ඵල ක්‍රියාවක් බවත් තමන් ද වීපීඑන් ඔස්සේ සමාජ මාධ්‍ය ජාල වෙත සම්බන්ධ වන බවය.

කාලීන පුවත්