2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත – කිසිවෙක් මඟ නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ වේ.
මෙම ඉලක්ක අතුරින් 14 වන ඉලක්කය දිවයිනක් වන අපට ඉතා වැදගත් ය.එනම් “ජලය තුල ජීවයයි.” (SDG no 14 life below water )
ලෝකයේ සාගර – ඒවායේ උෂ්ණත්වය, රසායනය, ධාරා සහ ජීවය – පෘථිවිය මිනිස් සංහතියට වාසයට සුදුසු කරවීමට අදාළ ගෝලීය පද්ධති මෙහෙයවයි. අපගේ වැසි ජලය, පානීය ජලය, කාලගුණය, දේශගුණය, වෙරළ තීරයන්, අපගේ ආහාර වලින් වැඩි ප්‍රමාණයක් සහ අප හුස්ම ගන්නා වාතයේ ඇති ඔක්සිජන් පවා අවසානයේදී සපයනු ලබන්නේ සහ තුලනය කරනු ලබන්නේ සාගරය මගිනි.
වෙරළ ආශ්රිත ක්‍රීඩා බොහෝමයක් එම පරිසරය සුරැකීමට මහඟු ලෙස දායක වේ.”බීච් එල්ලේ” ක්‍රීඩාවද එවැනි සංකල්පයක් සහිතව හඳුන්වාදෙන ක්‍රීඩාවකි.
සාගර සම්පත් විශ්ලේෂණය සඳහා වූ ආයතනය ( INSTITUTE OF OCEAN RECOURSES ANALYSIS GUARANTEE LIMITED ) හි ප්‍රධාන විධායක නිළධාරී වන අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතාගේ සංකල්පයක් වන මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සාගරික හා වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව පිරිසිදු පාරිසරික රටාවක් ඇති කරලීම සඳහා ජනතාව දැනුවත් කිරීම හැඳින්විය හැක. පොලිතීන් ප්ලාස්ටික් වලින් තොර ගුණාත්මක සුන්දර වෙරළ කලාපයක් බවට පත්කිරීම සදහා මහජන සහයෝගීතාවය වර්ධනය කිරීම මත මෙය පදනම් වේ.
මෙම “බීච් එල්ලේ “ සංකල්පය සාම්ප්‍රධායික එල්ලේ ක්‍රීඩාවට සමාන වූවත් නැතත් මෙහි යම් යම් ඊටම ආවේණික වූ ලක්ෂණ කිහිපයක් පවතී. “ බීච් එල්ලේ “ ක්‍රීඩාවෙහි වෙරළ කලාපය සහ මුහුදු ප්‍රදේශය අතර කලාපය තුළ ක්‍රීඩා පිටිය නිර්මාණය කොට ඇති අතර ඒ සඳහා ක්‍රීඩකයන් හට අවශ්‍ය ආරක්ෂාව සපයා තිබීම විශේෂත්වයකි. ( BOATS, LIFE JACKET, LIFE GUARDS ).
තනි අතෙන් පිත්ත හැසිරවීම මෙහි විශේෂත්වයක් වන අතර මෙහි කැපී පෙනෙන අනෙකුත් ලක්ෂණයක් ලෙස පන්දුව සඳහා දීප්තිමත් තැඹිලි වර්ණය( LUMINOUS ORANGE COLOUR ) යොදාගනී.එනම්, මුහුදු ප්‍රදේශය තුළ මෙම වර්ණය කැපී පෙනීමයි.නව අලංකාරයක් එක් කිරීමද මෙහි අරමුණ වේ.
එක පිලකට ක්‍රීඩකයන් නව ( 09 ) දෙනෙකුගෙන් අතිරේක ක්‍රීඩකයන් තුන් දෙනෙකුගෙන් (03) යුතු මෙම ක්‍රීඩාව තුළ කාන්තා පිරිමි දෙපාර්ශවය සඳහාම කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතී. මෙම ක්‍රීඩාව ඉතාමත් උද්වේගකාරවූත් තරගකාරිවූත් තරඟ රටාවක් ගන්නා අතර මහත් කුතුහලයකින් නැරඹිමට හැකියාව ඇත.
මෙම “බීච් එල්ලේ” සංකල්පය සුවිශේෂී වන්නේ එහි පවත්නා අංගයන්හි දක්නට ලැබෙන වෙනස්කම් හේතුවෙනි.
කණ්ඩායම් ව්‍යුහය
නායකයා,උප නායකයා,පන්දු යවන්නා,පන්දුවට පහර දෙන්නා,පසු පන්දු රකින්නා,පළමු සහ දෙවන කඩයිම් ආරක්ෂක,දෙවන සහ තෙවන කඩයිම් ආරක්ෂක,මැද පෙළ පන්දු රකින්නා,දුර පන්දු රකින්නා වශයෙන් කණ්ඩායම් ව්‍යුහය සැකසී ඇත.
පන්දුව
මෙම “බීච් එල්ලේ” ක්‍රීඩාව සඳහා දීප්තිමත් තැඹ්ලි වර්ණයෙන් ( LUMINOUS ORANGE COLOUR ) යුක්ත පන්දුවක් යොදා ගැනේ.සාගර ප්‍රදේශ තුළ විශේෂ ආකර්ශණයක් ලැබීම මෙහි විශේෂත්වයකි.මේ සඳහා රබර් වැනි අමුද්‍රව්‍ය මගින් නිපදවූ පන්දුවක් යොදා ගැනේ.ජලය මත පාවෙන අඩු බරැති සහ විශ්කම්භය අගල් 4 වන පන්දුවක් මේ සඳහා යොදා ගැනේ.
පිත්ත
මෙම බීච් එල්ලේ ක්‍රීඩාව සඳහා අඩි 03 ක් දිගැති දැව වලින් නිම වූ පිත්තක් යොදා ගැනේ.පිත්තෙහි අල්ලා ගන්නා ස්ථානයේ විශ්කම්භය අවම වශයෙන් අඟල් 1.5 ක් සහ පන්දුවට පහර දෙන එනම් පිත්තෙහි කෙළවර ප්‍රදේශයෙහි විශ්කම්භය උපරිම අඟල් 03 කින් සමන්විත වේ.අඩු බරැති මෙම පිත්ත හැසිරවීම සිදුවනුයේ තනි අතෙන් වීම විශේෂත්වයකි.එබැවින් පිත්ත මුහුදු ජලය හේතුවෙන් ලිස්සායාම වළක්වාලීම සඳහා හොඳින් අල්වා ගැනීමට හැකිවන ලෙස රඳවනයකින් සමන්විත වේ.
ක්‍රීඩා පිටිය
“බීච් එල්ලේ” ක්‍රීඩකයෙකු මූලිකව පුහුණු විය යුත්තේ පන්දුවට එල්ලය බලා ඉතා වේගයෙන් පිති ප්‍රහාරයක් එල්ල කොට උපරිම දුරකට පන්දුව යවා වටයක් ලබා ගැනිමය.මෙම ක්‍රීඩා පිටියේ ද විශේෂ ලක්ෂණ පවතී.එනම්, වෙරළ සහ මුහුදු ප්‍රදේශය අතර මධ්‍යස්ථ ප්‍රදේශය උපයෝගී කොට ගනිමින් ක්‍රීඩා පිටිය නිර්මාණය සහ පන්දුවට පහර දෙන ආරම්භක ස්ථානය වෙරළ ප්‍රදේශය තුළත් පළමු හා තෙවන නැවතුම් කණු වෙරළ හා මුහුදෙහි ආරම්භක ප්‍රදේශය තුළත් දෙවන නැවතුම් කණුව මුහුදු ප්‍රදේශය තුළත් ස්ථානගත කොට තිබීම.මෙම මුහුදු ප්‍රදේශය තුළ ක්රීඩයන්ගේ ආරක්ෂාව සහ තරඟකාරීත්වය රඳවා ගැනීම සඳහා නැවතුම් කණු ක්‍රීඩකයාට රැඳී සිටීමට හැකිවන අයුරින් සවිකිරීම. සියලුම නැවතුම් කණු අභියස ක්‍රීඩකයාට රැඳී සිටීමට හැකි වන ලෙස සහ ක්‍රීඩකයාගේ ආරක්ෂාව සනාථ කිරීම සඳහා බෝයාවක් ද ස්ථානගත කර ඇත.තවද ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිණිස ජීවිතාරක්ෂකයින්, යාත්‍රා ක්‍රීඩා පිටියෙන් පිටත ස්ථානගත කල යුතුය.
ක්‍රීඩකයන්ගේ ඇඳුම
මෙහිදී ප්‍රධාන වශයෙන් පිහිනුම් ඇඳුම් යොදා ගත යුතු අතර එය දීප්තිමත් තැඹිලි වර්ණයෙන් යුක්ත වීම වඩාත් යෝග්‍යය වනු ඇත.එසේම මුහුදු ප්‍රදේශය තුළ රැඳී සිටීමටත් මුහුදු රළට මුහුණ දීමට හැකි ආරක්ෂාකාරී වූත් ක්‍රීඩකයාට පහසුවන අයුරින් මෙම පිහිනුම් ඇඳුම් නිර්මාණය කොට ඇත.එය කාන්තා පිරිමි දෙපාර්ශවයටම උචිත අයුරින් සැකසීම සහ ක්‍රීඩා ඇඳුමෙහි ප්‍රධාන අංගයක් ලෙස Life jacket පැළඳීම අනිවාර්ය වේ..
ලකුණු රැස් කරන ආකාරය
යම් පන්දු වාරයක් තුළ තම ප්‍රහාරය තුළින් සම්පූර්ණ වටයක් ලබාගැනීම තුළින් ලකුණු රැස් කිරීම මෙහි සිදුවේ.නැවතුම් ප්‍රදේශ තුළ සිටින සහෝදර ක්‍රීඩකයන් පිළිබඳ අවධානයෙන් යුතුව නොදැවී වටයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන් උත්සුක විය යුතුය.
දැවී යන ආකාරය
යම් නිශ්චිත පන්දු වාරයකදී පන්දුවට පහර දීමට අපොහොසත් වීම සහ නැවතුම් කණුවක සිට ඊළඟ නැවතුම් ප්‍රදේශය කරා දිවයන විට ප්‍රහාරයට ලක්වීම , උඩ පන්දු ලබා දීම වැනි සුවිශේෂී අවස්ථා යටතේ ක්‍රීඩකයන් දැවීයයි.
මෙය ලොව ප්‍රථම වරට ඉදිරිපත් වන ක්‍රීඩාවක් වන අතර එය ඉදිරිපත් කිරීමේ අභිමානය INORA ආයතනයට මෙන්ම ශ්‍රී ලංකාවටද අයත් වූවකි.මෙහි පුහුණුවීම් සහ ප්‍රදර්ශන තරඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය,ධීවර ප්‍රජාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කරන අතර මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවෙහි සමුද්‍රීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කිරීමටද “බීච් එල්ලේ” ක්‍රීඩාවෙහි නිර්මාතෘ INORA ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වන අයේෂ් ඉන්ද්‍රනාත් රණවක මහතා බලාපොරොත්තුවේ.