සමූපකාර නිලවරණයක් පරාජය වීම වත්මන් ආණ්ඩුව ගැන කලකිරීමක් හෝ වර්තමාන ආණ්ඩුවට ඇති ජනමතය වෙනස්වීමක් ලෙස සැලකිය නොහැකි බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.ආසන්න කාලසීමාවේදී සමුපකාර නිලවරණ කිහිපයක් තමන්ට සහය දෙන කණ්ඩායම් පරාජයට පත් වුවද ඊට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති බවත් ඔහු කියා සිටී.එම සුළු ප්‍රමාණය පැරදීම ජනමතය වෙනස්වීමක් නොවන බව පවසන ඔහු ඇතැමුන් විපක්ෂය විසින් දිනාගන්නා ලද සුළු සමුපකාර නිලවරණ ප්‍රමාණය විශාල ලෙස උලුප්පා දක්වමින් සිටින බව ද ඔහු පවසයි.