සම සමාජය ආණ්ඩුවෙන් ඉවත් වන ළකුණු

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකත්ය්වය ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පැවසීය.

කාලීන පුවත්