සර්ව පාක්ෂික ආණ්ඩුවට කැබිනට් ඇමති වරු තිහක්

පාර්ලිමේන්තුවේ පක්ෂ ගණනාවක් නියෝජනය වන කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකුගෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුව ඉදිරි දෙසතියක කාලය ඇතුළත පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.ඊයේ(22) පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු ඒ අනුව පත් වනු ඇති අතර සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.මේ අතර ධම්මික පෙරේරා මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් මන්ත්‍රී වරුන් සැළකිය යුතු පිරිසක් ජනාධිපති වරයා හමුවේ තම විරෝධය පළ කොට තිබේ.

කාලීන පුවත්