සර්ව පාක්ෂික සමුඑව ප්‍රෝඩාවක්;අපි එන්නේ නෑ

වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුඑවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කියයි.ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි ඔහු වැඩි දුරටත් පවසනුයේ මෙම සර්ව පාක්ෂික සමුඑව ප්‍රෝඩාවක් බවයි.මේ මස 23 වෙනිදා පෙරවරු 10ට ජනාධිපති මන්දිරයේ දී ඇරඹීමට නියමිත මෙම සමුළුව සඳහා දේශපාලන පක්ෂ තිස් පහකට ඇරයුම් කොට තිබේ. මේ අතර මෙම සමුඑවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් දෙදෙනෙකු පමණක් සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි

කාලීන පුවත්