සහරා කාන්තරය වසර 50 කට පමණ පසුව සහරා කාන්තාරයට සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජල ගැලීම් තත්වයක් පවා හටගෙන ඇතැයි වාර්තා වෙයි.මීට අදාළව නාසා ආයතනය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින අතර එය ලෝක අවධානයට යොමු ව තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනුයේ දශක ගණනාවක් තිස්සේ වර්ෂාව නොමැතිව පැවති සහරා කාන්තරයට මෙලෙස වර්ෂාව ලැබීමෙන් එහි ප්‍රදේශ කිහිපයක් ජෛවමය වශයෙන් ප්‍රබෝධමත් ව ඇති බවකි.ඒ සම්බන්ධයෙන් ලොව පුරා පරිසර හා ස්වභාව විද්‍යාඥයන් ගේ අවධානය ද යොමු වෙමින් තිබේ.