සහල් ආනයනය කිරීම සඳහා රජය මඟින් ලබා දී තිබූ අවසරය හෙටින්(10) අවසන් වන බව වෙළෙඳ අමාත්යංශය පවසයි.පවතින සහල් හිඟය මැඩපැවැත්වීම සඳහා සහල් ආනයන කිරීමට රජය විසින් 2025 ජනවාරි මස 10 වැනිදා දක්වා අවසර ලබා දී තිබුණි.ඒ අනුව ඊයේ දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්රමාණය මෙට්රික් ටොන් 115,000 ඉක්මවා ඇති අතර එම ප්රමාණය කැකුලු සහල් ටොන් 45,000 ක් සහ තැම්බූ සහල් ටොන් 70,000 ක් බව සඳහන් වේ.