මේ දිනවල වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටි අතර ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව ද ඇමති වරයා කීය.