පසුගිය දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණය මත ඇති වූ ස්වභාවික ආපදා හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 142,624ක පුද්ගලයින් 479,871 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ඉන් පවුල් 3,114ක පුද්ගලයන් 10,204 ක් මේ වන විට ආරක්ෂිත ස්ථාන 99ක සිටින අතර, තවත් පවුල් 18,886 ක පුද්ගලයන් 65,020 ක් ඥාතී නිවෙස් වල රැඳි සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.