ස්වාභාවික ආපදා ගැන 117 ට දන්වන්න

මේ දිනවල සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම් තත්වය මත ස්වාභාවික ආපදා සිදුවී ඇති ස්ථානවල සිටින ජනතාවට 117 දුරකථන අංකය අමතා දා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු සියලුම බෝට්ටු, උපකරණ මෙන්ම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් ද යොදවමින් විපතට පත් ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබූ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙන අතර දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් හා ගාල්ල මාතර යන දිස්ත්‍රික්ක වලට ද මිලිමීටර් 150 ට වැඩි වැසි ලැබී තිබේ.එමෙන්ම මේ වන විට ඇහැළියගොඩින් මිලිමීටර් 436 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබේ.

කාලීන පුවත්