සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දුන් පිරිස් දෙදිනක් තුළ අත් අඩංගුවට

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දී ඒවායේ ඉදිකොට තිබූ දේ ගිනිබත් කළ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපති ඩී.සී වික්‍රමරත්න මහතා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ යන මහත්වරුන් පොලිස් පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව දැනුම් දීම කරන ලද බව ද එම සංගමය දන්වා සිටියි.

කාලීන පුවත්