ජූලි 13 දින තෙක් වූ සමය තුළ කොළඹ නගරය තුළ ගෝල්ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවලට අවිබලය යොදා භට පිරිස් ඇතුළු කිරීමට ප්රයත්න දරන බවට රාවයක් පැතිර යමින් පවතින බවත් එම ආරංචිය සත්‍යයක් නම් එවැනි අමනෝඥ ක්‍රියාන්විතයක් මගින් රට ලේ විලක් බවට පත්වීම වැලැක්වීමේ වගකීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර ද සිල්වා මහතා වෙත හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බවත් විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියයි.ඔහුගේ එම සටහන මෙලෙසිනි.
ජනරජයේ හා එහි පුරවැසියන්ගේ ආරක්ෂාව බාරව සිටින ඉහළම නිලධරයනි,
මේ අවස්ථාවේ සාමකාමීව රැඳී සිටින යව්වන යව්වනියන්ට තරුණ තරුණියන්ට හා සෙසු පුරවැසියන්ට එරෙහිව බාහුබලය හා අවිබලය භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙනු මැනවි .ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර ද සිල්වා මහතා වෙත සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා වෙත 2022 ජූලි 10 දින පැය 2245ට ලියන විවෘත ලිපියකි
ජූලි 13 දින තෙක් වූ මේ සංක්‍රාන්ති සමය තුළ කොළඹ නගරය තුළ ගෝල්ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවලට අවි බලය යොදා භට පිරිස් ඇතුළු කිරීමට ප්රයත්න දරන බවට රාවයක් පැතිර යමින් තිබේ . එය අසත්‍යයක් වනු ඇතැයි මගේ විශ්වාසයයි . කෙසේවුව ද එම ආරංචිය සත්‍යයක් නම් එවැනි අමනෝඥ ක්‍රියාන්විතයක් මගින් රට ලේ විලක් බවට පත්කිරීම , වැළැක්වීමේ පැහැර හැරිය නොහැකි වගකීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර ද සිල්වා මහතා වෙත හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා වෙත පැවරී තිබේ .
ජනරජයේ හා එහි පුරවැසියන්ගේ ආරක්ෂාව බාරව සිටින ඉහළම නිලධරයනි,
මේ අවස්ථාවේ සාමකාමීව රැඳී සිටින යව්වන යව්වනියන්ට තරුණ තරුණියන්ට හා සෙසු පුරවැසියන්ට එරෙහිව බාහුබලය හා අවිබලය භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙනු මැනවි .
එමෙන්ම මේ ස්ථාන වෙත සිවිල් ඇඳුමෙන් පැමිණ යම් කණ්ඩායම් විසින් මැයි 09 දින මෙන් ප්‍රහාර එල්ල කිරීමේ තැතක් වෙතොත් එවැනි ප්‍රචණ්ඩක්‍රියා වැළක්වීමේ වගකීමද ආරක්ෂක බලධාරීන් වෙත පැවරෙන හෙයින් ඒ පිළිබඳවද නිසි අවධානය යොමු කරනු මැනවි .
ස්තුතියි
මෙයට
මහින්ද දේශප්‍රිය
විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්