සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ලබන 17 වනදා තෙක්

ඊයේ (08) ආරම්භ වූ 2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 17 වනදා දක්වා මධ්‍යස්ථාන101ක දී සිදුකෙරේ. පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු ඊයේ තෙක් කල් දැමීමට පියවර ගෙන ඇති අතර පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණි.මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් කැඳවන අතර එය එළඹෙන 19 දක්වා සිදුකිරීමට නියමිත ය.

කාලීන පුවත්