මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති හා සම්න්ත්‍රණ පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , ඒ අනුව විභාගයට අදාළ වැඩමුළු හා අත්පත්‍රිකා බෙදා හැරීමද තහනම් වන බවයි.
මෙම නියෝග පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත යටතේ දැඩි පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වන අතර ලබන 26 වැනිදා දක්වා එය පැවැත්වෙනු ඇති.