අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ (31) දින සිට එළැඹෙන මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.ෙ