අපරාධ සම්බන්ධයෙන් විමසා බැලෙන විට කෙසේ වත් සුළු කොට තැකිය නොහැකි සංවිධානාත්මක අපරාධ කෙරෙහි අදාල බලධාරීන් ගේ අවධානය යොමු ව ඇති බවක් පෙනේ.ඉකුත් 22 වන දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් කළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ තොරතුරු යම් ප්‍රමාණයක් එළි දක්වා තිබේ.ඒ අනුව ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් 1,400ක් පමණ හඳුනාගෙන ඇති බව හෙළි කොට ඇති අතර ප්රචණ්ඩත්වය අවම කිරීමට ගන්නා උත්සාහයන් ගැන පැහැදිලි කිරීමක් ද කර ඇත.ඒ මහජනතාවට අලුුතින් 1997 යන දුරකතන අංකය හඳුන්වා දෙමින් අපරාධ මැඩලීමට සහය වෙන ලෙසද ඉල්ලා සිටිමිනි.
අපරාධකරුවන් සේම ගිනි අවි පිළිබඳව ද වටිනා තොරතුරු සපයන මහජනතාවට ත්‍යාග පිරිනැමෙන බව ද සඳහන් කළ වැඩ බලන පොලිස්පති වරයා T-56 ගිනි අවි සොයා ගැනීමට තොරතුරු ලබා දෙන්නවුන් වෙත රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමෙන බව ද නිවේදනය කොට තිබේ.
මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවකි.ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පිහිටුවා ඇති අතර, ඔවුන් දිවා රාත්‍රී දෙකේම මෙම කාර්යය සඳහා යොදවා ඇති බව ද ඔහු පැහැදිලි කොට ඇත්තේ මෙම ක්‍රියාන්විත වල සාර්ථකත්වය සඳහා මහජන සහයෝගය ඉතා වැදගත් බව අවධාරණය කරමිනි.
මෙම වසර තුළ පමණක් වෙඩි තැබීමේ සිද්ධීන් 17ක් සහ පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව වැඩ බලන පොලිස්පති වරයා පවසා තිබේ.ඒ සමඟම ඔහු තහවුරු කොට ඇත්තේ මේ අතරින් සිද්ධීන් 17ක විමර්ශන කටයුතු දැනටමත් අවසන් කර ඇති බවකි.මේ අතර සමාජ විද්‍යා ක්ෂේත්රයේ බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වූ කරුණක් ද වැඩ බලන පොලිස්පති වරයා අවධාරණය කොට තිබේ.එනම් මෙම සිද්ධීන් කිහිපයකට පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඍජුව හා වක්‍රව සම්බන්ධ වී සිටි බවකි. එවැනි නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදු කරන ලද විමර්ශනවලදී ගිනි අවි යම් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කොට ඇති අතර.ඒ T-56 පහර රයිෆල් – 13,රිවෝල්වර් – 15,පිස්තෝල – 21,බෝර්-12 ගිනි අවි – 75,රිපීටර් – 07,දේශීයව නිපදවන ලද පොඩි පිස්තෝල – 805,වෙනත් ගිනි අවි – 04 වශයෙනි.නමුත් අප සිතන අන්දමට මෙය මේ වන විට අප රට තුළ භාවිතා වන නීති විරෝධී ගිනි අවි වලින් “සොච්චම”කි.
එනිසාම දෝ අපරාධකරුවන් සේම ගිනි අවි පිළිබඳව ද වටිනා තොරතුරු සපයන මහජනතාවට ත්‍යාග පිරිනැමෙන බව ද සඳහන් කළ වැඩ බලන පොලිස්පති වරයා T-56 ගිනි අවි සොයා ගැනීමට තොරතුරු ලබා දෙන්නවුන් වෙත රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමෙන බව ද නිවේදනය කොට තිබේ.
මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවකි.ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පිහිටුවා ඇති අතර, ඔවුන් දිවා රාත්‍රී දෙකේම මෙම කාර්යය සඳහා යොදවා ඇති බව ද ඔහු පැහැදිලි කොට ඇත්තේ මෙම ක්‍රියාන්විත වල සාර්ථකත්වය සඳහා මහජන සහයෝගය ඉතා වැදගත් බව අවධාරණය කරමිනි.
සැක කටයුතු ක්‍රියාකාරකමක් දකින ඕනෑම අවස්ථාවක 1997 අමතා ඒ බව දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු. එවැනි තොරතුරු ලබා දෙන්නවුන්ගේ අනන්‍යතාවය රහසිගතව තබා ගන්නා බව ද ඔහු සහතික වී තිබේ.
ඒ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මෙම කරුණ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක ප්රවේශයකින් ද අදහස් පළ කොට තිබේ.ඒ ආර්ථික අපහසුතා හා මත් කුඩුවලට ඇබ්බැහිවීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබළුන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවක් පවසමිනි.එසේම අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයින් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමග සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කොට තිබේ.මෙය සමාජ අපරාධ විද්‍යා ක්ෂේත්රයන් තුළ ද කතා බහට ලක් වන කරුණකි.
එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබාදුන් බව ද එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පලාගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බව ද ඔහු පවසා තිබේ.ඒ අනුව එම සෙබළුන් හඳුනාගෙන ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෑත කාලීනව සිදුවු පාතාල ක්‍රියාකාරකම් එක් කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකරන ක්‍රියාවන් බව මේ වන විට හඳුනාගෙන ඇතැයි යන විශේෂිත හෙළිදරව්වක් ඉකුත් පාර්ලිමේන්තුවේදී සිදු කොට තිබේ..එහෙත්, ඔහු ගේ එම ප්‍රකාශය පැහැදිලි මූලයක් මත පදනම් වූවක් ද නැතහොත් ඔහු වෙත ලැබී ඇති සාමාන්‍ය තොරතුරක් මත පදනම් වූ “ඊනියා දේශපාලන කතාවක් “ද යන්න පැහැදිලි නැත.
වත්මන් පාතාල කල්ලි යනුවෙන් හැඳින්වෙන පිරිස් වලින් සමන්විත සංවිධානාත්මක අපරාධ ජාලය සම්බන්ධයෙන් යම් විමසුමක් කරන විට මූලික වශයෙන් කැපී පෙනෙන දෙයක් තිබේ. එනම් මේ වන විට එය ගෝලීය ව්‍යාප්තියක් පළ කරන බවකි. මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි ඇතුළු භාණ්ඩ ප්‍රවාහන හා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය, කොන්ත්‍රාත් පදනම මත මිනී මැරීම්, සන්නද්ධ කොල්ලකෑම්, මුදල් විශුද්ධිකරණ ක්‍රියාවන් ආදිය මෙම සංවිධානාත්මක අපරාධ ජාලයට ඇතුලත් වේ. පසුගිය කාලය තුළ ලොව පුරා ව්‍යාප්ත වූ නව ලිබරල්වාදය, තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුව ආදිය මේ සඳහා බෙහෙවින් පිටිවහලක් වූ බව පෙනේ. ත්‍රස්තවාදී කණ්ඩායම්,කැරලිකාර හමුදා, මූලධර්මවාදීන්, බෙදුම්වාදීන් ආදීන් ගෙන් සමන්විත මෙම සංවිධානාත්මක අපරාධ ජාලයේ කොටස් උප සංස්කෘතීන් පාතාලය ( Underworld) ලෙස හඳුන්වනු ලැබේ. මෙම පාතාල කල්ලි එකි’නෙකට සම්බන්ධ වී සංවිධානාත්මක අපරාධ ජාලයන් පුළුල් කර ගැනීම සේම එම කල්ලි කැඩී බිඳී වෙන්වීම ද නිතර දක්නට ලැබෙන්නකි.මෙසේ වෙන්වීම මත එක් එක් පාර්ශවයන් අතර මිනී මැරුම් ජාල ඇති වන බවක් ද නිරීක්ෂණය වේ.
කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම ( Contract killing ) ද මෙම සංවිධානාත්මක අපරාධ ජාල වල ප්‍රධාන අංගයකි. කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම අපරාධ කල්ලියකට කොන්ත්‍රාත් දීමත් එම මිනීමැරුම සම්බන්ධ විමර්ශන වලදී සහ අධිකරණමය කටයුතුවල දී එසේ කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා සම්බන්ධ සාක්ෂි කෙසේවත් ඉස්මතු නොවන සේ එම ඝාතන සිදු කරන බවට ද ඝාතකයන් පොරොන්දු වීමත් සිදු වන බව පැවසෙයි.මෙය බොහෝ විදෙස් රට වල පවා සිදු වන්නකි.
අපරාධ මනෝ විද්‍යාඥයන් බොහෝ දෙනෙකු පළ කළ පොදු මතයට අනුව එවන් සෑම අපරාධ කරුවකු ගේම පාහේ ළමා විය තුළ බරපතල කඩතොළු සහගත බවක් දක්නට ලැබෙන බවකි. ඒ අනුව අපට හැඟී යනුයේ දරුවන්ගේ මානසික සංවර්ධනය නිසි ලෙස ගොඩනැංවීම මෙම සංවිධානාත්මක අපරාධ මැඩලීමේ වඩාත් තිරසාර දිගු කාලීන පියවර බව ය. නමුත් එවන් තත්වයන් තුළ අපරාධ සම්බන්ධයෙන් නීතිය මගින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන් අධිකරණයට යොමු කිරීමට පෙර “සැඟවූ ආයුධ පෙන්වන්නට රැගෙන යාම” වැනි ම්ලේච්ඡ වනචාරී නාටක යළි හිස එසවීම අතිශය බරපතල ඛේදවාචකයකි.වත්මන් ජනපති වරයා විපක්ෂයේ සිටිය දී ඔහු ගේ බරපතල විවේචනයට ලක් වූ මෙම බරපතල සංසිද්ධියේ ප්‍රවර්ධනය පාතාලයේ හිස එසවීමකටත් වඩා බියකරු වනු ඒකාන්ත ය.
1989-2002 අතර කාල සීමාවේදී ඕස්ටේ්රලියාවේ සිදුවූ කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම් 162 ක් සහ ඒ සඳහා තැත් කිරීම් පිළිබඳව අධ්‍යයනය කළ ඕස්ටේ්රලියානු අපරාධ විද්‍යා ආයතනය (Australian institute of criminology)එම කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම පිණිස වැඩිම හේතු වී ඇත්තේ රක්ෂණ වන්දි ලබා ගැනීම බව අනාවරණය කර ගෙන තිබේ. ඒ සඳහා ඩොලර් 5000ක් 30,000 ත් අතර මුදලක් ඝාතකයන් විසින් ලබා ගෙන ඇති බවත් එහි අය කිරීමේ සාමාන්‍යය ඩොලර් 15000 ක් බවත් එම ආයතනය අනාවරණය කොට තිබේ. එම කාලසීමාව තුළ ඕස්ට්‍රේයාවේ සිදුවූ මිනී මැරුම් වලින් 2%ක් කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කරන ලද ඒවා බව ද පැවසෙයි. 1992-2002 අතර කාලසීමාව තුළ ස්කොට්ලන්තයේ සිදු කළ කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීමේ ප්‍රතිශතය 5%කි. පුද්ගල වශයෙන් සිදු කරන අපරාධ සංවිධානාත්මක මට්ටමින් ව්‍යුහගත වීමට ප්‍රධාන හේතුව මහා පරිමාන මුදල් ඉපැයීම් බව ඒ සම්බන්ධ පොදු මතයයි.එමෙන්ම මෙම සියලු අපරාධ සම්බන්ධ මූලයන් පිළිබඳව විස්තර කිරීමේදී ඒවා ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැක. එහිදී අපරාධ මනෝ විද්‍යාඥයන් බොහෝ දෙනෙකු පළ කළ පොදු මතයට අනුව එවන් සෑම අපරාධ කරුවකු ගේම පාහේ ළමා විය තුළ බරපතල කඩතොළු සහගත බවක් දක්නට ලැබෙන බවකි. ඒ අනුව අපට හැඟී යනුයේ දරුවන්ගේ මානසික සංවර්ධනය නිසි ලෙස ගොඩනැංවීම මෙම සංවිධානාත්මක අපරාධ මැඩලීමේ වඩාත් තිරසාර දිගු කාලීන පියවර බව ය. නමුත් එවන් තත්වයන් තුළ අපරාධ සම්බන්ධයෙන් නීතිය මගින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන් අධිකරණයට යොමු කිරීමට පෙර “සැඟවූ ආයුධ පෙන්වන්නට රැගෙන යාම” වැනි ම්ලේච්ඡ වනචාරී නාටක යළි හිස එසවීම අතිශය බරපතල ඛේදවාචකයකි.වත්මන් ජනපති වරයා විපක්ෂයේ සිටිය දී ඔහු ගේ බරපතල විවේචනයට ලක් වූ මෙම සංසිද්ධිය ප්‍රවර්ධනය පාතාලයේ හිස එසවීමකටත් වඩා බියකරු වනු ඒකාන්ත ය.එමෙන්ම අද ඒ සඳහා යොමු වන සියළු පාර්ශවයන්ට ද දිනෙන් දින පරිනාමය වන මානව චින්තනය හමුවේ නුදුරු අනාගතයේදී සමාජමය දංගෙඩිය මතට හිස තැබීමට සිදුවන බව ද ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර