පසුගිය කාලයේ සමාජ කරලියට පැමිණි අරගල කරුවන් අවංකව අරගලයේ නියුතු වූ බවත් ඔවුන් අදහස් කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා පදවියෙන් ඉවත් කොට ආපසු ගිය බවත් ඒ අතරේ මුදල් සෙවීම අරමුණු කරගත් අවංක නොවන අරගල කරුවන් තවමත් අරගලය තුළ රැඳී සිටිනුයේ එන් ජී ඕ වලින් මුදල් සොයන පිරිස් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාවලියට දේශපාලනඥයන් ද සම්බන්ධ බවකි.වෙල්ගම මහතා මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.