සැමියා සහ නිවසේ බැළලිය සම්බන්ධ කොට බිරිඳකගෙන් පොලීසියට පැමිණිල්ලක්

නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා සම්බන්ධ කොට මිනුවන්ගොඩ බිරිඳක් පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.ඒ නිවසේ නාන කාමරය තුළ දී තම සැමියා එම බැළලිය හා කායික සම්බන්ධතා පවත්වනු දුටු බවක් පවසමිනි.එම පැමිණිල්ල මත එම අඹුසැමි යුවළ ගම්පහ මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පළමුව එම සැමියා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත පමුණුවනු ලදුව ඔවුන් දෙදෙනාම මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසා තිබේ.පැමිණිල්ලට අදාල අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. එම බිරියගේ වයස අවුරුදු 43කි. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිති..එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ රැඳී නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිති.නමුදු එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය නොවූ බව ද පොලිසිය පවසයි.නමුත් සැමියා නිවසේ නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් කායිකව එක්වන අයුරු ඇසින් දුටු බවට එම බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි.අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පවසා සිටියි.

මිනිසුන් සතුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට මුල් වන සත්ව ලෝලීත්වය( Zoophilia) නම් මනෝ ව්‍යාධියක් තිබේ.එමෙන්ම කවර හෝ දෙයක් සම්බන්ධයෙන් මිථ්‍යා විශ්වාස හෙවත් මෝහමය තත්වයන්(Delusion  ) හට ගැනීම; ඒ ඔස්සේ යම් යම් ස්වාභාවික තත්වයන් ඇසුරින් ද්‍රශ්‍ය මායාවන්(Illusion) මැවී පෙනීම සහ ශ්‍රව්‍ය,ද්‍රශ්‍ය,ආඝ්‍රාන,ස්පර්ශ ආදී භ්‍රාන්තිමය තත්වයන්( Hallucination) ඇති වීම ද මානසික රෝග ලක්ණයකි.මෙය භින්නෝන්මාදය( Schizophrenia ) සේම මෝහාබාධ (Delusional disoder )නමින් හඳුන්වන මානසික රෝග ඛාණ්ඩයේ දී ද දක්නට ලැබෙන්නකි.ඒ අනුව මෙම සැමියා සේම බිරිඳ වෙන් වෙන්ව ප්‍රශ්න කිරීමෙන් මෙම මානසික රෝගය ඇත්තේ කා තුළ ද යන්න නිවැරදිව වටහා ගැනීමට මනෝ වෛද්‍ය වරුන්ට හැකි වෙයි.

මෙවැනි සිදුවීම් අදට පමණක් සීමා වී නැත. දඹදෙණි රාජධානී සමයේ ලියැවුණු සද්ධර්මරත්නාවලිය නම් කෘතියෙහි එන මල්ලිකා බිසොවුන්ගේ වස්තුවේ ද මෙබඳු කතාවක් තිබේ.දිනක් කොසොල් රජතුමන්ට නාන කොටුවේ දිය නාමින් හිඳින තම බිසව මුහුණ සෝදා දෙපා සේදීම පිණිස ඉදිරියට නැවී සිටින වේලාවේ පිටුපසින් සිටින සුනඛයකු ඇය හා සහවාසයේ යෙදෙනු දක්නට ලැබේ.රජ තුමා මල්ලිකා බිසවගෙන් ඒ පිළිබඳව විමසන විට ඇය පුන පුනාම පවසනුයේ එය රජතුමා දුටු මායාකාරී දර්ශනයක් මිස සත්‍යයක් නොවන බව ය.එමෙන්ම ඊට පසු දිනෙක මල්ලිකා බිසව කොසොල් රජතුමාට අපූරු කතාවක් කියයි.

එනම් රජතුමා ද ද එම නාන කොටුව තුළ දීම එළදෙනක හා සහවාසයේ යෙදෙනු තමන් දුටු බවකි.මින් මහත් කැළඹීමට පත් වන කොසොල් රජතුමා තම බිරිඳට එරෙහි එම චෝදනාවෙන්”නිදොස් කොට නිදහස්”කරයි. කෙසේ හෝ මෙම සත්ව ලෝලිත්වය නම් මනෝ ව්‍යාධියට සේම භින්නෝන්මාදය සහ මෝහාබාධ යන මනෝ ව්‍යාධීන් සඳහා ද සායනික ප්‍රතිකාර ලබා දිය යුතු බව මනෝ වෛද්‍ය වරු කියති.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට