සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා

රටේ හතර දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව තොරතුරු අනාවරණයවී තිබේ.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණයවී තිබෙන බව සඳහන් වෙයි.

රජය ගත් අසීමිත ණය හේතුවෙන් මෙම පිරිස මෙසේ ණයකරුවන්වී සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය (මේ වසරේ අප්‍රේල් මාසය දක්වා )රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් බවද ඔහු ප්‍රකාශ කරයි.

කාලීන පුවත්