සිංහකොඩිය හා පස් පිඬක් අතට ගෙන හෘද සාක්ෂියට අත තබන්න;එතකොට ඔබට වැටහේවි නාමල්ට ඡන්දය දිය යුතු බව

සිංහකොඩිය හා පොළොවේ පස් පිඬක් අතට ගෙන හෘද සාක්ෂියට අත තබා මෙවර මෙවර ඡන්දය දිය යුත්තේ කාටදැයි විමසන ලෙසත් එවිට ඡන්දය පාවිචි කරන සියලු දෙනා අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය දෙනු ඇති බවත් ප්‍රවීණ නිළි අනූෂා දමයන්ති මහත්මිය ඊයේ(26) නිකවැරටියේදී ප්‍රකාශ කළා ය.“අම්මට තාත්තට ගරු කරනවා නම් ඔබේ දරුවගේ කුළුදුල් ඡන්දය නාමල් රාජපක්ෂ වෙනුවෙන්ම විය යුතුමයි. එය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන කළ ගුණ සැලකීමක්. එය එසේම විය යුතුමයි. මේ රට ආරක්ෂාකරන්න නොපෙනන බලවේග බිහිකරන නායකත්වය තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. ඒනිසා තරුණ තරුණියක් කාන්තාවන් ඇතුළු සියලු දෙනාට මම කියනවා ඔබ ඔබේ වගකීම ඉෂ්ටකරන්න . මෙවර ජනාධිපතිවරණය කියන්නේ යුද්ධයක්. ඒක කරන්නේ ආයුධ වලින් නෙවෙයි. මේ රටේ තාරුණයේ හදගැස්ම ඔබ හොඳින් හඳුනනවා. රටින් පිටට ගිය සියලුදෙනා නැවත රටට ගේන්න අවශ්‍යයි. මේ ඔබේ කාලයයි. සිංහකොඩිය අතට අරගෙන පස් පිඬක් අතට අරගෙන හෘද සාක්ෂියට අත තියල අහන්න කටද චන්දෙ දෙන්න ඕන කියලා.එතකොට අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂ මහතාට ඔබේ ඡන්දය ලැබෙනු ඇති”යැයි අනූෂා දමයන්ති මහත්මිය ප්‍රකාශ කළා ය.

කාලීන පුවත්