සිංහරාජ වනාන්තරය පිළිබඳ විශේෂඥයෙකු වූ සිංහරාජයේ මාටින් අයියා යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු මාර්ටින් විජේසිංහ මහතා ඊයේ(23)රාත්‍රියේ රත්නපුර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.සිංහරාජයේ නිල නොලත් භාරකරු සහ වනස්පති ලෙස විරුදාවලිය ලත් විජේසිංහ මහතා අට ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගෙන තිබුණද දේශීය වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, සංස්කෘතික උරුමය, ඉතිහාසය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන් පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ස්වාභාවික ඥාන සම්භාරයකින් යුතු මහා ප්‍රාඥයෙක් විය.1968 දී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහුට සිංහරාජ වනාන්තරය පිළිබඳ තිබූ අසීමිත දැනුම නිසා එහි නිල නොවන භාරකරු බවට පත්විය.පසුව සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් උගතුන්ට මාටින් අයියා නැතිවම බැරි චරිතයක් විය.ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය.