කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත අයට යම් අගෞරවයක් විය හැකි වචන වීම හේතුවෙන් ඒවා ඉවත් කළ බවයි පෙනී යන්නේ.එහි කිසිදු වරදක් නැහැ. නමුත් අනාදිමත් කලක සිට අපේ රටේ බහුතර ජනතාව විසින් සමරනු ලබන අපේ රටටම අන`න්‍ය වූ ලෝකයේ දක්නට ලැබෙන අපූර්ව චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් සංස්කෘතික අංගයක් වන අලුත් අවුරුදු සිරිත් විරිත් ඇතුළත් නව අවුරුදු උදාව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම පොදු වන පරිදි සියලු ආගමික සහ ජාතික කණ්ඩායම් එක්ව පවත්වන ජාතික උත්සවයක් බවට තවමත් පත්ව නොමැති වීම විශාල අඩුපාඩුවක් බවයි පෙනී යන්නේ. නව අවුරුදු උදාව කිසිදු ආකාරයකින් ආගමික උත්සවයක් නොවේ. අපේ රටේ ජීවත් වන විවිධ ආගම් වලට අයත් බැතිමතුන් සඳහා ඒ ඒ ආගමට අනන්‍ය වූ සංස්කෘතික උත්සවයන් තිබෙනවා. බෞද්ධයන්ට වෙසක් දිනය ද හින්දු ආගමට තෛපොංගල් දිනයද මුස්ලිම් ආගමට රාමසාන් දිනයද කිතුනුවන්ට නත්තල් දිනයද වශයෙන් මෙම ආගමික සංස්කෘතික අංගයන් සමරනු ලබනවා. බක් මාසයේ සමරනු ලබන අලුත් අවුරුදු උත්සවය ඇත්ත වශයෙන්ම රටේ ගොවි ජනතාව වගා කළ සිය අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන සතුටු උත්සවයක් ලෙස තමයි මේ අවුරුදු උළෙල පවත්වන්නේ.නැවුම් ආරම්භයක් ලබා ගැනීම සඳහා මෙම උත්සවයට චාරිත්‍ර වාරිත්‍ර එකතු කොට තිබෙනවා. එය ඇත්ත වශයෙන්ම ඉතා වැදගත් අංගයක්.ලෝකයේ වෙනත් රටවල ද මේ ආකාරයේ “වසන්ත උත්සව” පවත්වන නමුත් අපේ රටේ වගේ සුවිශේෂ වූ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ.
එකම දිනයක එකම වේලාවක සියලු වැඩ අතහැර පැය කිහිපයක් නිරාහාරව සිට, එකම වර්ණයක් සහිත ඇඳුම් ඇඳගෙන එකම දිශාවක් බලාගෙන එකම වෙලාවට ගිනි දල්වා,එකම ආහාරයක් පිස, එකම වෙලාවක වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම ඇත්ත වශයෙන්ම ලෝක සංස්කෘතික උරුමයක් වශයෙන් පවා සැලකීමට හැකි විස්මයජනක සංස්කෘතික අංගයක්. මෙම සංස්කෘතික අංගයේ ලෝකයේ එකම උරුමකාරයන් වන්නේ ශ්‍රී ලාංකික අපයි.ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මෙම උත්සවය අපේ රටේ ජාතික උත්සවයක් ලෙස සැලකීමට කිසිදු බාධාවක් නැහැ. යම් යම් ආගම් වලින් නැකත් සම්බන්ධව විශ්වාසයක් නැතත් ඒවා මිථ්‍යා විශ්වාස ලෙස සැලකුවත් ඒක නැකතක් ලෙස නොතකා ශ්‍රී ලංකා සංස්කෘතියේ එක් අංගයක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වීම ගැටළුවක් වන්නේ නැහැ. බෞද්ධයන් වශයෙන් බෞද්ධ ධර්මයේත් නැකත් සම්බන්ධව පිළිගැනීමක් නැහැ.නමුත් සියලුම බෞද්ධ ජනතාව අවුරුත් අවුරුද්ද සඳහා නියමිත වෙලාවට චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙනවා. ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවද අවුරුදු උත්සවය සමරන නමුත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මීට වඩා වෙනස් නමුත් එම චාරිත්‍ර වාරිත්‍ර ද ඉටුකරන ගමන් මුළු රටටම පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමට ඒ අයටත් පුළුවන් බහු වාර්ගික බහු ආගමික රටක් වශයෙන් එක් එක් ජන කණ්ඩායම් අතර අනෝන්‍ය සුහදතාවය සහෝදරත්වය වර්ධනය කරන්න මේ ජාතික උත්සවය යොදා ගන්න පුළුවන් දැනටත් බොහෝ ප්‍රදේශවල ,ගම්වල අවුරුදු කැවිලි පිඟානක් කිසිදු භේදයකින් තොරව හුවමාරු වෙනවා.ඒ සඳහා ආගමික හෝ ජාතිය, වර්ගය විතරක් නෙවෙයි තරහ මරහ තියෙනවද? කියලවත් සලකන්නේ නැහැ.
නැවුම් ආරම්භයක් ලබා ගන්න පසුගිය අවුරුද්දේ තිබූ අමනාපකම් දුරුකර සුහදතාවය වර්ධනය කරගන්න මේ කැවිලි පිඟාන සමත් වනවා. පංච දැමීම ඔලිඳ කෙළිය, අංකෙලිය වැනි ක්‍රීඩාවන් ද කොට්ටපොර තරගය, ග්‍රීස් ගහේ නැගීම, “වාසනා” මුට්ටිය බිඳීම සගයාට කිරිකැවීම; කඹ ඇදීම , ඔන්චිලි පැදීම වැනි අංගයන් ද අපිට දකින්නට ලැබෙන්නේ මෙම අවුරුදු කාලයටයි.සැඟවුන අමුත්තා සෙවීම මගින් ඕනෑම පුද්ගලයකුට තවත් ඕනෑම තරාතිරමක කාන්තා පිරිමි භේදයකින් තොරව පුද්ගලයකුගේ අතින් අල්ලලා කතා කරන්න අවස්ථාව ලබා දෙනවා.පොල් අතු විවීම, පොල් ගෑම වැනි තරඟ සියලුම ජාතිකයන්, සියලුම ආගමිකයන් එකතුවෙලා ඉටු කරනවා කියන්නේ කොතරම් මනරම් දර්ශනයක්ද? ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් වලට ආවේණික කැවිලි වර්ගද අවුරුදු කැවිලි පිඟානට එකතු වීම තුළ අප තව තවත් සංස්කෘතික වශයෙන් ශක්තිමත්ව එකට බැඳේවි. ජාතික ඒකාබද්ධතාවය ඇතිකිරීමටත් එක් ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීමටත් මෙම ජාතික උත්සවය මගින් ගත හැකි පිටිවහල ඉමහත් බව පෙනී යනවා.
මේ සඳහා ජාතික ඒකාබද්ධතාවය සහ සංහිඳියාව ඇති කිරීමට මෙම ජාතික උත්සවය යොදා ගැනීමට ඒ සඳහා වන බලධාරීන්ගේ අවධානය මේ දක්වා යොමු නොවීම කණගාටුවට කරුණක්.
ආගම් මත පදනම්ව ඇති ජාතීන් මෙම සංස්කෘතික උළෙලට එකතු කරගන්නා ආකාරය සම්බන්ධව ඒ ඒ ආගම්වල නායකයන් සමඟ සාකච්ඡා කොට එම කණ්ඩායම් මෙම උළෙලට දායක කරගන්නා ආකාරය සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීම අවශ්‍ය වනවා.මේ සඳහා රජයේ මූලිකත්වය සහ අනුග්‍රහය ලබාදීම මගින් මීළඟ වසරේ සිටම අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය මහා සංස්කෘතික උළෙල බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
ජාතික රෝහල – මහනුවර