සිතත් ගතත් ලෙඩ කරවන මානසික ආතතිය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

vinivida

සෑම පුද්ගලයකුටම තම ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් කිසියම් හෝ මානසික ආතතියකට මුහුණ දීමට සිදුවෙනවා. කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම තීරණය වෙනවා.

කිසියම් දුෂ්කර හෝ අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීමේදී අපේ සිතේ ඇතිවන කැලඹිලි ස්වභාවය, නැත්නම් ආවේගය, මානසික ආතතිය ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම ජීවිත කාලය පුරා මුහුණ දීමට සිදුවන අභියෝග, ප්‍රශ්න, කරදර සහ විභාග වැනි කඩ ඉම් වලට සාර්ථකව මුහුණ දීමට අපව යොමු කරවන ස්වභාවික මානව ප්‍රතිචාරය ලෙසින් ද ආතතිය හඳුන්වන්න පුලුවන්. මෙම ආතතිය අප සිත් තුලද එයින් මතු වී සිරුර පුරාමද අපට දැනෙන ලෙස ක්‍රියාත්මක වන්නේ සිරුරේ නිපදවෙන හෝමෝන සහ විවිධ රසායනිකයන් ගේ ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙසයි. සෑම පුද්ගලයකුටම තම ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් කිසියම් හෝ මානසික ආතතියකට මුහුණ දීමට සිදුවෙනවා. කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම තීරණය වෙනවා.

සුආතතිය (Eustress)

සුආතතිය යනු යම් කිසි අභියෝගයකට මුහුණ දීමේ දී ඒ සඳහා අපගේ උනන්දුව සහ ක්‍රියාශීලීත්වය වැඩි කරගැනීමට හේතුවන මානසික ආතතියයි. ඕනෑම කාර්යයක් උනන්දුවෙන් කිරීමට, සාර්ථක කර ගැනීමට මෙම ආතතිය අවශ්‍ය වේ. නැතිනම් අප ඒ කාර්යයන් කරන්නේ ඉතා අලසව, මන්දගාමීව හෝ ඕනෑවට එපාවටයි.

සිරුරට, මනසට හානිකර ආතතිය (Distress) කුමක්ද කියා තේරුම් ගනිමු

ඔබේ කුඩා දරුවන් දෙදෙනා සෙල්ලම් කරන අතර රණ්ඩු විම නිසා එක් දරුවෙකු ගේ හිස තුවාල වී අඬන බව දැක ඔබේ බිරිඳ ඔවුන් දෙදෙනාටම ශබ්ද නගා බැන වදින්න පටන් ගෙන. ඒ අතරේ ඔබේ මව ඇවිත් ඔබටත් බිරිඳටත් දොස් කියනවා දරුවන් හරියට බලාගන්න දන්නෙ නෑ කියමින්. මෙවැනි අවස්ථාවක හිතේ ඇතිවන කැලඹීම, නොසන්සුන් බව, චිත්ත ආවේගයන්, මානසික ආතතිය ලෙසින් හැඳින්විය හැකියි.

යම්කිසි විසඳා ගැනීමට අමාරු ප්‍රශ්නයකට, හදිසි කලබල තත්වයකට, එතරම් පෙර සූදානමක් නොමැතිව විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට වැනි අවස්ථාවන්වල දී හිතට දැනෙන නොඉවසුම් ගතිය නැතිනම් චිත්තාවේගය, මානසික ආතතිය ලෙස හඳුන්වන්න පුලුවන්.
මෙය වඩා හොඳින් පැහැදිලි කිරීමට උදාහරණයක් දිය හැකියි. අපි හිතමු ඔබ කාර්යාලයේ හෙට දින අවසන් කළ යුතු රාජකාරියක, බොහෝ වැඩ ප්‍රමාණයක් ඉතිරිව තිබීම ගැන වද වෙමින් ඉන්න අවස්ථාවක්. මෙලෙස හිතමින් ඉන්න වෙලාවට ඔබේ කුඩා දරුවන් දෙදෙනා සෙල්ලම් කරන අතර රණ්ඩු විම නිසා එක් දරුවෙකු ගේ හිස තුවාල වී අඬන බව දැක ඔබේ බිරිඳ ඔවුන් දෙදෙනාටම ශබ්ද නගා බැන වදින්න පටන් ගෙන. ඒ අතරේ ඔබේ මව ඇවිත් ඔබටත් බිරිඳටත් දොස් කියනවා දරුවන් හරියට බලාගන්න දන්නෙ නෑ කියමින්. මෙවැනි අවස්ථාවක හිතේ ඇතිවන කැලඹීම, නොසන්සුන් බව, චිත්ත ආවේගයන්, මානසික ආතතිය ලෙසින් හැඳින්විය හැකියි.

මෙලෙස මානසික ආතතිය එක දිගට බොහෝ කාලයක් පවතින විට සිදුවිය හැකි හානි මොනවාද කියා ඔබ දන්නවාද?

ශරීරයට අහිතකර තරම් මානසික ආතතිය කාලයක් තිස්සේ පවතින විට කෙනෙකුට මානසිකවත් ශාරීරිකවත් ගැටලු රාශියකටම මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ අතර පහතින් දැක්වෙන ගැටලු විශේෂයි.

ශාරීරිකව:

  • ආහාර දිරවීමේ අපහසුතා
  • ගැස්ට්‍රයිටිස් තත්වය
  • හිසරදය
  • මස්පිඬුවල වේදනාවන්, මස්පිඬු තද වීම
  • නින්ද නොයෑම
  • අධික රුධිර පීඩනය
  • සිරුරේ බර වැඩි වීම හෝ අඩුවීම
  • අත්පා ඇඟිලි හිරි වැටීම
  • ආඝාතය (අංශභාගය) ඇති වීමේ අවදානම වැඩිවීම
  • හෘදයාබාධ සෑදීමේ අවදානම වැඩිවීම

මානසිකව:

  • විෂාදය (depression)
  • කාංසාව (anxiety)
  • මතකය අඩු වීම සහ අවදානය අඩු වීම

මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු

අධික ශබ්දය, රස්නය හෝ පරිසර දුම් ආදියෙන් දූෂණය වූ ස්ථානවල ජීවත් වීමට හෝ රැකියාව කිරීමට සිදු වීමත්, අවදානම් රාජකාරිවල නිරත වීමට සිදු වීම, අන් අයගේ සහයෝගයක් නොලැබීම, සිදු කිරීමට ඇති කටයුතු බොහෝ ප්‍රමාණයක් තිබීම, කාලය කලමණාකරණය කර ගැනීමට නොහැකි වීම ආදිය ද කෙනෙකුගේ මානසික ආතතිය ඇති කිරීමටත්, වැඩි කිරීමටත් හේතු වෙනවා.

මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු අභ්‍යන්තර හේතු හා බාහිර හේතු වශයෙන් බෙදා වෙන් කරන්න පුලුවන්.
මානසික ආතතිය ඇති කරන අභ්‍යන්තර හේතු වන්නේ අප සිතන විදිය, අපේ බලාපොරොත්තු, විවිධාකාර බැඳීම්, නිමක් නැති අපේක්ෂාවන් සහ අපේ මනස එක් එක් අවස්ථාවන්වලට ප්‍රතිචාර දක්වන ආකාරයයි. ඊට අමතරව අපේ රෝගී තත්වයන්, ශරීරයේ උපතින්ම ඇති ආබාධ තත්වයන්, හදිසි අනතුරු, තාවකාලික ආබාධිත තත්වයන් ආදිය නිසාත් මානසික ආතතියන් අප තුලින්ම හට ගන්නවා.
මානසික ආතතිය ඇති කිරීමට මූලික වන බාහිර හේතූන් වන්නේ රැකියාවේ හෝ අධ්‍යාපනයේ ඉලක්කයන්, පවුලේ අය සහ ඇසුරු කරන පුද්ගලයන්ගේ හැසිරීම, ළඟම කෙනෙකුගේ වෙන්ව යාම, පවුලේ අයකුගේ රෝගී තත්වයක්, නුසුදුසු පරිසරයක ජීවත් වීමට සිදු වීම, ස්වභාවික හෝ ඇතිකරන ලද ව්‍යසනයකට මුහුණ දීම, ආර්ථික දුෂ්කරතා, බිරිඳ හෝ ස්වාමියා සමග තිබෙන සම්බන්ධතාවයේ ඇති නොගැලපීම්, දරුවන්ගේ අකීකරු බව හෝ අධ්‍යාපනයේ ගැටලු, රැකියාව නිසා පවුලේ අය සමග කාලය ගත කිරීමට නොහැකි වීම, රැකියාව තුල විශාල කාර්යයන් ප්‍රමාණයක් කිරීමට සිදුවීම හෝ කිරීමට තරම් කාර්යයක් නොමැති වීම වැනි දේවල් ය. මීට අමතරව අධික ශබ්දය, රස්නය හෝ පරිසර දුම් ආදියෙන් දූෂණය වූ ස්ථානවල ජීවත් වීමට හෝ රැකියාව කිරීමට සිදු වීමත්, අවදානම් රාජකාරිවල නිරත වීමට සිදු වීම, අන් අයගේ සහයෝගයක් නොලැබීම, සිදු කිරීමට ඇති කටයුතු බොහෝ ප්‍රමාණයක් තිබීම, කාලය කලමණාකරණය කර ගැනීමට නොහැකි වීම ආදිය ද කෙනෙකුගේ මානසික ආතතිය ඇති කිරීමටත්, වැඩි කිරීමටත් හේතු වෙනවා.
කෙනෙකුගේ මානසික ආතතිය අවදානම් තත්වයට පත් වී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ පහතින් දැක්වෙනවා.

ශාරීරිකව ඇතිවන රෝග ලක්ෂණ

  • නිතර හිසරදය සෑදීම
  • අප්‍රාණික හෝ මලානික විලාසයකින් සිටීම
  • උදරාබාධ නිතර ඇති වීම (පාචන තත්වය, මල බද්ධය, ඔක්කාරය වැනි )
  • නින්ද නොයෑම
  • හද ගැස්ම වේගවත් වීම හා පපුවේ වේදනාවන් ඇතිවීම
  • මස්පිඬු දැඩි වීම හෝ මස් පිඬුවල වේදනාවන් ඇති වීම
  • නිතර හෙම්බිරිස්සාව, වෙනත් ආසාදනයන් ඇති වීම
  • ලිංගික බෙලහීනතාවයන් ඇතිවීම
  • අත් පා වෙව්ලීම, සීතල වීම
  • මුඛය වියලී යාම සහ ගිලීමේ අපහසුතා ඇතිවීම

මානසික තත්වයේ හෝ හැසිරීම් රටාවේ ඇතිවන වෙනස්කම්

  • තමා යෙදී සිටින කටයුතු, කාර්යාලයේ හෝ නිවසේ කටයුතු, තම පාලනයෙන් ගිලිහී යනවා මෙන් දැනීම
  • මනස සන්සුන් කර ගැනීමට, නිසොල්මන්ව මද වේලාවක්වත් සිටීමට අපහසු වීම
  • තමා පිළිබඳ අවතක්සේරුවක සිටීම, තමා නොවැදගත්ය යන සිතුවිල්ල ඇතිවීම
  • අන් අය මගහැර තනිවම සිටීමට උත්සාහ දැරීම
  • යමක් කෙරෙහි අවධානය යෙදීමට අපහසු වීම
  • සෑම දෙයක් දෙසම අශුභවාදීව බැලීම
  • නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වීම

මානසික ආතතිය අඩු කර ගැනීමට නැතිනම් එම තත්වයට පත් නොවී සිටීමට කළ හැකි දේ

  • සමබර සෞඛ්‍ය සම්පන්න ආහාරවලට හුරු වීම
  • අඩුම වශයෙන් පැය 7ක් වත් දිනකට නිදා ගැනීම
  • දිනපතා ව්‍යායාමවල යෙදීම (එළිමහනේ ඇවිදීම වැනි)
  • මියුරු සංගීතයට සවන් දීම
  • මත්පැන් පාවිච්චියෙන් වැළකීම
  • යහපත් සාමාජයීය සම්බන්ධතා පවත්වා ගැනීම (පවුලේ අය, අසල් වැසියන්, නෑදෑයන් සහ මිතුරන් සමග )
  • මනස නිරවුල් කර ගැනීමට විවේක ගැනීමට කාලය වෙන් කිරීම
  • තමා පිළිබඳව සැලකිලිමත් වීම (තමාගේ ශරීර සුවතාවය සහ මානසික සුවතාවය පිළිබඳව )
  • භාවනා කිරීම, යෝග ව්‍යායාම කිරීම
  • ඕනෑම කාර්යයක් තනිවම කිරීමට උත්සාහ නොකර අන් අයට නිසි පරිදි වැඩ පැවරීම
  • යෙදෙන කාර්යයන් සර්ව සම්පූර්ණව අවසන් කිරීමට උත්සාහ නොකර හැකි උපරිම හොඳින් කර සතුටු වීමට පුරුදු වීම
  • කාලය කලමණාකරණය කර ගැනීමට ඉගෙන ගැනීම
  • තමාට ඔරොත්තු නොදෙන තරමට බලාපොරොත්තු, ඉලක්ක ආදිය තබා නොගැනීම

මානසික ආතතිය බොහෝ විට හොඳ කල්පනාවෙන් කටයුතු කිරීමත්, සතිමත් බව පවත්වා ගැනීමත්, තමාගේ හැකියාවන් සහ වැඩ කිරීමේ ධාරිතාවය ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමත්, වඩා යහපත් මානව සම්බන්ධතාවයන් පවත්වා ගැනීමත් සහ තම සිරුරේ යහ පැවැත්ම ගැන සිතා බලා ආහාර ගැනීම, සිරුර වෙහෙසවීම වැනි දෑ තුලින් මග හරවා ගත හැකි බව ඉහත සඳහන් කරුණුවලින් ඔබට වැටහෙනවා ඇති.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්