සිපෙට්කෝ ඉන්ධන අර්බුදය ඔඩු දුවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලවලට ඉන්ධන තොග ලැබෙන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැත. අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඇණවුම් කළ ඉන්ධන සදහා ගෙවීම් සිදුකර ඇති බවකි. එමෙන්ම තවත් ඉන්ධන නෞකා හතරක් සදහා අදාල ගෙවීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍ය බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසයි.මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 100 ක් ලබාදීමට ද මහ බැංකුව ක්‍රියාකර තිබේ. මේ අතර ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බව අයි ඕ සී සමාගම කියා සිටී.