සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියොත් බස් ගාස්තුත් 50% වැඩි කළ යුතුයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ පිරවුම් හල් වල ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(11) කියා සිටියේය. මෙම මිල වැඩිවීම සම්බන්ධයෙන් රජය වහා විසඳුම් සෙවිය යුතු බව .ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් යන මහත්වරු කීහ.ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ලංකා අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලින් තම බස් රථවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි බවයි.එබැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් තම බස්‍ වලට අවශ්‍ය ඩීසල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ රජය වහා ක්‍රියාත්මක කළ යුතු බව ද ඔවුහු කීහ.අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ සිපෙට්කෝ පිරවුම් හල් වල ඩීසල් මිල ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව ඇතුළුව මුළු බස් ගාස්තුව 50% කින් ඉහළ දැමිය යුතු බවකි.මේ අතර තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කළ බව ගැමුණු විජේරත්න කියා සිටියේ ය

කාලීන පුවත්