සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට

අද(24)අළුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.එම නව මිල ගණන් පහත දැක්වේ. පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රු. 420.00 පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රු. 450.00 ඔටෝ ඩීසල් 400.00සුපර් ඩීසල් 445.00

කාලීන පුවත්