සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක මිල තවත් රුපියල් 177කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275කි.පසුගිය ඔක්තෝම්බර් මස මුලදී රුපියල් 1005 ට තිබූ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1093 ක් කර තිබුණි.සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මෙලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මෙම මිල ඉහළ යාමෙන් පසු ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා තිබූ අතර පාරිභෝගිකයින් කළ පැමිණිලි වලින් පසු එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු කරගත් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීය.