සියලු දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව වන අතර ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්රික්ක 25හේම ආරක්ෂාව සදහා ත්රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකි වනු ඇත.
මෙය අනිද්දා (22) සිට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.