සියලු සිසුන් හෙට සිට පාසල්වලට

සියලු සිසුන් හෙට සිට සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවීමට තීරණය කොට ඇතැ‍yi අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යංශය සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සිසුන් එකවර පාසල්වලට ගෙන්වීමට අපහසුතා ඇතිවන්නේ නම් පමණක් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ අනුමැතිය මත ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් විදුහල්පතිවරුන් වෙත යොමුකළ නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්