සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්සූ අයත් එහිම රැඳවිය යුතුයි

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු ද දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම රඳවා තැබීම සුදුසු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන් අමාත්‍ය වරයා එසේ කීය. ඒ පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම නුසුදුසු දෙයක් බවත් මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බවත් පැවසූ ඔහු ජනාධිපතිවරයා සහ අගමැති වරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයිද කියා සිටියේය.ඉහත සඳහන් සිද්ධියෙන් පසු බන්ධනාගාර කළමණාකාර සහ සිර කරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමති කමින් ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ මහතා ඔහු ඊට පෙරම දරමින් සිටි මැණික් හා ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ධුරයේ දිගටම කටයුතු කරයි.

කාලීන පුවත්