සිරි දළදා වන්දනාවට සඳහා අලුතින් කිසිවෙකු එක්කර නොගැනෙයි

සිරි දළදා වන්දනාව සඳහා කිසිදු හේතුවක් මත අලුතින් කිසිවෙකු එක්කර නොගැනීමට තීරණය කර ඇත සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ මෙම පියවර ගත් බව පොලීසිය දන්වා සිටියි.මේ වන විටත් ලක්ෂ 4ක පමණ පිරිසක් පෝලිම්වල රැඳී සිටින අතර ඉරිදා පස්වරුවේ ඔවුන් සියළු දෙනා වන්දනා කර අවසන් වනු ඇතැයි අපේක්‍ෂා කරයි.ඒ අනුව තව දුරටත් සිරි දළදා වන්දනාවට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.අලුත් පිරිස් සඳහා වන්දනා කිරීමට ඉඩ ලැබුණහොත් පමණක් ඒ ගැන 26 පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය පවසයි.

කාලීන පුවත්