සිරි පා හිමයේ වර්ණගල වන පෙත පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරෙයි

ශ්‍රී පාද අඩවියට අයත් කුරුවිට – වර්ණගල වනාන්තරය පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීමට ජාතික පරිසර සභාව තීරණය කර ඇත.

ඒ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ(21) රැස් වූ අවස්ථාවේ දීය.

රත්නපුර කුරුවිට ශ්‍රී පාද මාර්ගයට යාබදව පිහිටි වර්ණගල වන රක්ෂිතය ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක් වන අතර එය සත්ව විශේෂයන් 219 ක් සහ සපුෂ්ප ශාක 164 කින් අදාළ රක්ෂිතය සමන්විතය.

නිවර්තන වැසි වනාන්තර ගණයට අයත් මෙම වනාන්තරය පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීම සම්බන්ධයෙන් පරිසර හිතකාමීන්ගේ ප්‍රසාදය පළ වී තිබේ.

කාලීන පුවත්